IMG-LOGO

Medihelpරෝහල් සමූහය සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල් ජාලය වන Medihelp Hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන, බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්ත්වයේ සෞඛ්‍ය සේවා ලබාදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්‍රධාන නගර ගණනාවක් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී.

Medihelp Hospitals ජාලය වෙතින් ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවලට සමගාමීව වෛද්‍ය රසායනාගාර, ෆාමසි ඇතුළු තවත් සේවා රාශියක් එකම වහලක් යටින් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව ජනතාව වෙත උදාකර දී ඇතැයි එම සමාගම කියයි.

මීට 37 වසරකට පෙර හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් වෛද්‍ය රසායනාගාරයක් ලෙස ඇරඹි Medihelp Hospitals ජාලය මේ වන විට කලුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර 15ක් ආවරණය වන ලෙස සිය සේවා ව්‍යාප්ත කර ඇති අතර Medihelp Hospitals ජාලයෙහි නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ නගරය කේන්ද්‍රගතව ආරම්භ කෙරිණි.

අනවශ්‍ය ලෙස මුදලුත් කාලයත් වැය කර කොළඹ නගරයට යෑමෙන් තොරව 250 කට අධික විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සේවාව පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව ඇතුළුව සිය රෝහල් ජාලයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් සහ අංගසම්පූර්ණ මූලික ප්‍රතිකාර සේවා Medihelp Hospitals වෙතින් ලබාගත හැකිය.

Medihelp Hospitals ජාලය හරහා කායික රෝග, අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව, ප්‍රසව හා නාරිවේදය, පිළිකා සත්කාර, උගුර කන නාසය, හෘද රෝග, සාමාන්‍ය ශල්‍යකර්ම, ස්නායු විද්‍යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්‍ර රෝග, මෞත්‍රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්‍යකර්ම, වෘක්ක හා අක්ෂි රෝග ඇතුළුව ක්ෂේත්‍ර රාශියක  විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සේවා ලබාගත හැක.

“වර්තමානයේ පවතින දැඩි වෛද්‍ය උපකරණ හිඟය, ඖෂධ හිඟය, දැඩි නියාමන සීමා, අධික ඉදිකිරීම් වියදම්, සැපයුම් සේවාවල දුෂ්කරතා සහ උද්ධමනය ඇතුළු අභියෝග රාශියක් මධ්‍යයේ වුවද අපගේ සේවා ජාලය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම වසර අවසන් වන විට තවත් රෝහල් තුනක් Medihelp Hospitals ජාලයට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉහළ ඵලදායිතාවකින් සහ කාර්යක්ෂමතාවකින් කටයුතු කිරීම මෙන්ම ඒකාබද්ධ ජාලයක් ලෙස විධිමත්ව මෙහෙයවන වන බැවින් අපගේ වියදම් අවම කරගනිමින් එහි ප්‍රතිලාභය පාරිභෝගිකයා වෙත ලබා දෙමින් සාධාරණ මිලකට සෞඛ්‍ය සේවා සැපයීමට අපට හැකිව තිබෙනවා. තවද අපගේ වෛද්‍ය රසායනාගාර ජාලය ISO 9001 සහ ISO 15189 ප්‍රමිතිකරණයෙන් බල ගැන්වීමටත් කටයුතු යොදා තිබෙනවා. අප රෝහල් ජාලය මගින් දිනපතා 4000කට අධික රෝගීන් සංඛ්‍යාවකට සේවා සපයමින් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන ඉමහත් දායකත්වය පිළිබඳව අප නිහතමානීව ආඩම්බරවනවා” යනුවෙන් Medihelp Hospitals සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසීය.

595



අදහස් (0)

Medihelpරෝහල් සමූහය සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 468 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 904 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site