IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


MediHelp ශාඛාවවක් කැළණියටත්

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන්  දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැළණිය නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. 

අභිනව කැළණිය රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය. 

MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්‍ය අති නවීන වෛද්‍ය උපාංගයන්‌ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, ඇඳන් 5කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්‍රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්‍රයකින් සමන්විත වේ. 

MediHelp සමූහයේ වෛද්‍ය , හෙද සහ පරීපූරක වෛද්‍ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී. 

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්‍යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්‍යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්‍යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා.



අදහස් (0)

MediHelp ශාඛාවවක් කැළණියටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site