සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවිතයක් ලබාදීම අරමුණු කර ගනිමින් ගාල්ලේ Mini mart හී දී Mas Organix පසුගියදා විවෘත කරන ලදී. “ස්වාභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර දිගු ආයුකාලයක් සඳහා ආයෝජනයක්” යන අදහස ප්‍රවර්ධනය කිරීමට Mas Organix බලාපොරොත්තු වේ.
අංක 217 කොළඹ පාර මහ මෝදර, ගාල්ල යන ස්ථානයේ Mini mart හි පිහිටා ඇති අතර එකම වහලක් යටින් කාබනික නිෂ්පාදන (Organic) රාශියක් ලබා ගැනීමට Mini mart හි Mas Organix පහසුකම් සලසා දෙයි. ශ්‍රී ලංකාවේ පවතින දුර්ලබ නිෂ්පාදන රැසක් මෙහි ඇතුලත් වේ. ඒ අතර Anciant Nutra, Apex Aura, Coconut Miracle, Natural bee honey සහ Radha Lankaදේශීය නිෂ්පාදන මෙහිදී ලබාගත හැකි බවත් එම ආයතනය සඳහන් කරයි. එයට අමතරව ලංකාවේ දකුණු වෙරළට ආවේණික බොහෝ නිෂ්පාදන ලබාගත හැකි වීම ද විශේෂයකැයිද එම ආයතනය කියයි.
“ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදන වලින් බහුල ලෙස ආශිර්වාද ලබන රටක්, එය අපේ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව හා බද්ධ වී ඇත. Mas Organix හි අපි තරයේ විශ්වාස කරන්නේ සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ජීවිතයක් සඳහා ස්වාභාවික ආහාර පිළියමක් බවයි. කාබනික නිෂ්පාදන මිල අධික සහ සොයා ගැනීම අපහසු බවට වැරදි මතයක් තිබේ. එම මිත්‍යාව බිඳ දමා අපගේ Mas Organix හි නිෂ්පාදන පෙළක් සොයාගත හැකි බව අපගේ පාරිභෝගිකයන්ට සහතික වීම අපගේ උත්සාහයයි.” Mini mart හි නිර්මාතෘ සමාලි ද සිල්වා පැවසුවාය.
Mini mart - Mas Organix හි දී කළු හීනටි, සුවඳැල්, පච්චපෙරුමාල්, හැංගිමුත්තන්, රන් කහවනු, මඩතවාලු සහ තවත් බොහෝ පාරම්පරික දේශීය සහල් මිලදී ගැනීමට හැකිය. විවිධ රෝග සඳහා විශේෂිත ආයුර්වේද ඖෂධීය කැඳ සහ කරපිංචා, කුරුඳු, වෙනිවැල් සහ බෙලිමල් වැනි ඖෂධීය පාන වර්ගද මෙහි තිබේ. ස්වභාවික කුළු බඩු, කාබනිකව ලබා ගත් මී පැණි, කුරුඳු තෙල් සහ කුඩු අනෙකුත් ජනප්‍රිය නිෂ්පාදන අතර වේ.
පරිභෝජන ද්‍රව්‍ය හැරුණු විට සබන් වර්ග සහ ස්ක්‍රබ්, බොඩිවොෂ් වැනි ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකට Mas Organix හිමිකම් කියනු ලබයි.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Mas Organix ගාල්ලේ දී විවෘත වේ