SLT-මොබිටෙල් හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩ දී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.
ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5 G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසුදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත.
පරිසරයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා, මෙම කාර්යාල සංකීර්ණය පිහිටි අක්කර 7 ක භූමියෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ 3% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. බ්‍රවුන්ෆීල්ඩ් ් ^Brownfield& වර්ගයේ ව්‍යාපෘතියක් වන මෙය සඳහා, එම භූමියෙහි කලින් පැවති ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හැකිතාක් දුරකට භාවිත කර ඇත. එමෙන්ම හරිත ක්‍රමවේදයට අනුකූලව, අපතේ යාම් හැකිතාක් අවම වන පරිදි ව්‍යාපෘතියෙහි කටයුතු සිදුකරන ලදි. තවද අභ්‍යන්තර පවිත්‍රාගාරයක් ද මීට ඇතුළත් වන අතර, එමගින් පිරිසිදු කර නිකුත් කරන ජලය ගොඩනැගිල්ලේ සිරස් ගෙවතු වගාවන් සඳහා සහ උද්‍යානය සඳහා භාවිත කෙරේ. මීට අමතරව, ගොඩනැගිල්ලේ වහලය මත වර්ග අඩි 15,000 ක සූර්ය බලශක්ති ජනන පද්ධතියක් ද සවිකර ඇත.
මෙම මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ලොව නවීනතම ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් යොදා ඇති අතර එමගින් වායුසමීකරණයන්, ජලය, විදුලි ආලෝකය සහ වෙනත් පහසුකම් භාවිත වන ආකාරය නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම්දීම් ලබාදීම සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතියෙහි මුල් අදියර සඳහා වැය වී ඇති මුළු මුදල ආසන්න වශයෙන් රු. මිලියන 2,500 කි.
මෙම නව ගොඩනැගිල්ල නිසා SLT-MOBITELසමාගමට සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වසරකට රු. මිලයන 25.4 ක ඉතිරියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර වාහන ගාල් කිරීම, ආරක්ෂක සේවාවන් ඇතුළු සේවාවන්, විදුලිය හා ජලය පරිභෝජනය සහ කාර්යාල අතර ගමනගාමනය ආදිය සඳහා වැයවුණු වියදම් මෙමගින් ඉතුරු වනු ඇත. එමෙන්ම Rotundaසහ Propertexගොඩනැගිලි සඳහා වසරකට වැය වූ රු. මිලියන 250 ක පමණ මුදලද මෙමගින් ඉතිරි වන අතර, එය සමස්ත SLT සමූහයටම වාසිදායක වේ.
වර්ග අඩි 60,000 ක පමණ ඉඩකඩකින් යුත් ඉතිරි මහල් හතරෙහි ඉදිකිරීම් ද අවසන් වූ පසුවSLT-MOBITELමෙහෙයුම් සියල්ල එකම වහලක් යට ස්ථානගත කිරීමටSLT-MOBITEL සමූහයට හැකියාව ලැබෙනු ඇත.
595
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
MOBITELමූලස්ථානය වැලිකඩදී විවෘත වේ