IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


LOLC ෆිනෑන්ස් වෙතින් පරිසර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක්

 ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන  LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC), ස්වභාවික වනාන්තරවල සහ පෞද්ගලික ඉඩම්වල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක නැවත වගා කිරීම සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් සහ විභව සොලියුෂන්ස් (පුද්ගලික) සමාගම සමඟ පසුගියදා ගිවිසුමකට එළඹුණි. එමගින් නැවත වන වගා ප්‍රයත්නයට සහය වීමටත්, ස්වභාවික පරිසරය යථාවත් කර පෝෂණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ පැළ 12,000 පලතුරු වගාවක් මෙන්ම ඖෂධීය ශාක වගාවල සිට වෙනත් තෝරාගත් ආවේනික වගා දක්වා ශාක 20,000 ක් රෝපණය කිරීමයි. LOLC ෆිනෑන්ස්, සමස්ත ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මුල්‍ය සම්පත් දායකත්වය ලබාදෙන අතර, වන වගා සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් අක්කර පනහක පෞද්ගලික ඉඩම් කොටසක් ඒ සඳහා ලබාදේ. පැළ සිටුවීම විභව සොලියුෂන්ස් යටතේ ‘තුරු’ මගින්  මෙහෙයවනු ඇත.   

දෙනියාය පරිසර පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් දියත් කරන ව්‍යාපෘතිය මගින් මතුරට වැවිලි සමාගමට අයත් අක්කර පනහක් ආවරණය කරන අතර, ‘මියවාකි’ මාදිලියේ අක්කර පහක වන වගාව සහ සමනල උද්‍යානවලටද රැකවරණ ලබාදේ. ඊට අමතරව ප්‍රතිස්ථාපන යෝජනා ක්‍රමයක්, ජෛව විවිධත්ව අධ්‍යයනයක් සහ කාබන් සැකසුම් සිතියම්ගත කිරීමක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත්තේ සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ප්‍රකාශනය තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණෙනි. සමස්ත වැඩසටහන මෙම ත්‍රිත්ව හවුල්කාරිත්වය සමඟ මාස 18 ක කාලයක්  අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

LFLC, මතුරට සහ විභව සොලියුෂන්ස් අතර මේ සඳහා වූ නිල ගිවිසුමට අත්සන් තැබීම පසුගිය ජූලි 12 වැනිදා LOLC  හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට LOLCෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මොන්ටිනි වර්ණකුල, මතුරට ප්ලාන්ටේෂන්ස් සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන මානව සම්පත් නිලධාරි ප්‍රදීප් උළුවඩුගේ, මතුරට ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂිකා සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මූල්‍ය නිලධාරිනී සංජීවනී කොටකදෙණිය, LOLC ෆිනෑන්ස් පීඑල්සී   මුල්‍ය ප්‍රධානී බුද්ධික වීරතුංග, විභව සොලියුෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී හේමින්ද ජයවීර සහ විභව සොලියුෂන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හසංක පාදුක්ක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

595



අදහස් (0)

LOLC ෆිනෑන්ස් වෙතින් පරිසර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

දියත

කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ
2024 මැයි මස 15 0 0

හබරණ පුවක්පිටිය මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිර


සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්
2024 මැයි මස 15 87 0

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයස


කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද
2024 මැයි මස 15 3 0

හබරණ පුවක්පිටිය මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිර


ලංකා පසට අලුත් පොහොරක් නිර්දේශ කරයි
2024 මැයි මස 15 124 0

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්ත


අසිත ප්‍රනාන්දුට වීසා දෙයි
2024 මැයි මස 15 456 1

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍


හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්
2024 මැයි මස 15 927 2

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 712 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2238 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1923 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site