ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහාම වෙන් වූ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පතක් වන ‘LOLC සවි‘ මගින්, ‘සවි‘ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දුවා දරුවන් ඇගයීම අරමුණු කරගනිමින් ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහනක් නැවත වරක් දියත් කරන ලදී.
ඒ අනුව 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ‘සවි‘ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ දරුවන් 170කට අධික පිරිසකට විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමක් මෙහි දී සිදුකරන ලදී. මෙම ත්‍යාග බෙදාදීම LOLC ෆිනෑන්ස් හි දිවයින පුරා විහිදී පවතින ශාඛා ජාලය හරහා සිදු වූ අතර, ත්‍යාගලාභීන්ට පහසු ශාඛාවක් හරහා ත්‍යාග ලබා ගත හැකි විය.
අභියෝගාත්මක කාල වකවානුවක් තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය ද හමුවේ ‘LOLC සවි‘ මගින් සිදු කරනු ලැබූ මෙම කර්තව්‍යය දෙමාපියන්ගේ හා දරුවන්ගේ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්විය.
‘ LOLC සවි‘ මගින් සිදුකරනු ලැබූ ශිෂ්‍යත්ව සමත් හපනුන් ඇගයීමේ මෙම වැඩසටහන රාජ්‍ය සේවකයන් ඇතුළු මහජන අවධානය දිනා ගැනීමට සමත් විය. රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහාම නිර්මාණය කර ඇති‘ LOLC සවි’ ක්‍රෙඩිට් කාඩ්පත 2020 මහබැංකු ඩිජිටල් පරිවර්තන සැලැස්මට සමගාමීව LOLC ෆිනෑන්ස්හි ඩිජිටල්කරණ උපාය මාර්ගයේ කොටසක් ලෙස හඳුන්වාදෙන ලද්දකි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස්හි පාරිභෝගික සහ ඩිජිටල් ව්‍යාපාර අංශයේ ප්‍රධානී හසල තිලකරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය,
‘‘අපේ මෙම ‘සවි‘ ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන හරහා 5 වසර ශිෂ්‍යත්වය සමත් දැයේ දරුවන් ඇගයීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. LOLC හි අපි නිරන්තරයෙන් දරුවන්ගේ අධ්‍යාපන සිහිනයන් සාක්ෂාත් කිරීමටද, ඔවුන්ගේ උපරිමය කරා ළඟාවීමට ඔවුන්ව සවිබල ගැන්වීමටද කැපවී සිටිනවා. මෙම වැඩසටහනෙන් මේ දුවා දරුවන් ඇඟයීමක් පමණක් නොවෙයි, ඔවුන්ට එම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන් පසුපසින් සිට උපකාර කළ දෙමාපියන්ට ද අපගේ හෘදයාංගම ප්‍රශංසාව පිරිනැමෙනවා. ඒවගේම, මේ දරුවන්ගේ පමණක් නොවෙයි සමස්ත ජාතියේම ඉදිරි පරපුරේ ප්‍රගතිය වෙනුවෙන් ඇප කැප වී වැඩ කිරීමට LOLC ආයතනයේ අපි කවදත් බලාපොරොත්තු වෙනවා”.
595
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
LOLC සචි ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි බෙදයි