IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය දින සියය පසු කරයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී මීට දින 100 කට පෙර, මෙරට ආහාර අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පළමුවම හඳුනාගත් ආයතනයක් වන අතර මාස කිහිපයක් පුරා සිය ප්‍රයත්නය අඛණ්ඩව පවත්වා ගනිමින් LOLC දිවි සවිය සියවැනි දිනටත් ප්‍රාදේශීය ප්‍රජාව වෙත සිය සහාය පළකළේ ඉකුත් 14 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකළ බෙදාහැරීම් සමඟිනි.  

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන පරිදි මිලියන 6.7 ක් ශ්‍රී ලාංකිකයෝ ආහාර අනාරක්ෂිත භාවය අත්විඳිති. ප්‍රධාන ආහාර දැරිය නොහැකි අන්දමින් මිල ඉහළයාම සහ හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණ අනුපාතය ඉහළම රට බවට පත්වී තිබේ. විශේෂයෙන් ගර්භණී  කාන්තාවන් සහ ළමයින්ට මෙම ඌන පෝෂණයේ දිගුකාලීන බලපෑමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇත.

මෙම මිනිස් අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් LOLC දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන හා එක්ව, ‘දිවි සවිය‘ දීප ව්‍යාප්ත මානුෂීය සහනාධාර වැඩසටහන දියත් කරන ලදී. එහි අරමුණ වන්නේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන ප්‍රජාවන්හි ජීවිත සහ ජීවනෝපාය නඟාසිටුවීමයි. දිවි සවිය’ වැඩසටහන මෙරට  ජනතාවට හදිසි ආහාර සැපයුම් මඟින් සහාය වීම උදෙසා විශේෂයෙන් සකස් කරන ලද්දකි.

දිවයින පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙන බව LOLC ‘දිවි සවිය’ ආරම්භක අදියරයන්හිදී හෙළිදරව් වූ කරුණකි. ඒ සමඟින් පසුගිය දින 100 කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ මානුෂීය ප්‍රයත්නය ජන ජීවිත මුහුණ දුන් අහිතකර බලපෑම් යම් දුරකට හෝ සමනය කිරීමට සමත් විය.

මෙම කාලෝචිත ව්‍යාපෘතිය මඟින් සලාක මලු‍ (අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක) දිවයින පුරා පරිත්‍යාග කරන ලදී. වැඩසටහනේ පළමු අදියරේදී  දිවයින පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 224 ක් යොදාගනිමින් දින 30ක් තුළ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරන ලදී. දිවි සවිය මීළඟ අදියරේ දී මාස 03 ක් තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් පවුල් 125,000ක් වෙත රුපියල් මිලියන 500 ක් වටිනා සලාක මලු‍ එකිනෙකට වෙනස් චක්‍ර 03 ක් යටතේ බෙදා දුන් අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.   

තවදුරටත්, දෙවැනි අදියරේදී තෝරාගත් ගෘහස්ථවලට අමතරව වැඩිහිටි නිවාස, ළමා නිවාස, සහ දෘෂ්‍යාබාධිත ඒකක සඳහා ආහාර සම්පත් ඍජු ප්‍රතිපාදන ලෙස සංවිධාන කිරීම සඳහා අවධානය යොමුකෙරිනි.

595

 

 



අදහස් (0)

LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය දින සියය පසු කරයි

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 671 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 123 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1148 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 909 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 119 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 99 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1997 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site