IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි

 

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුවර නගරයේ  කැපී පෙනෙන ස්ථානයක පිහිටි නව ශාඛාව පසුගිය දා මහනුවර හිල් වීදියේ අංක 11 දරන ස්ථානයේ විවෘත කරන ලදී.

මහනුවර නගර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා සහභාගි වූ අතර LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් මහතා, LOLC ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා සමඟ LOLC ෆිනෑන්ස් කළමනාකාරීත්ව කණ්ඩායම, කාර්යමණ්ඩල සාමාජිකයන්, ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මහනුවර නගර ශාඛාව නව ස්ථානයකට රැගෙන යාමේදී පුළුල් ගනුදෙනුකරුවන් සංචිතයකට LOLC ෆිනෑන්ස් සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. LOLC  ෆිනෑන්ස් සෑම විටම අප සමූහයේ  ආචාර ධර්ම පද්ධතියේ කොටසක් ලෙස අපේ ජන ප්‍රජාවන්හි ජීවිත සාරවත් කිරීම සහ නඟා සිටුවීමේ අරමුණෙන් කටයුතු කරනවා. රුපියල් බිලියන 300 ඉක්ම වූ වත්කම් සංචිතයක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම වන LOLC  ෆිනෑන්ස් මූල්‍ය සහභාගීත්වය දරිද්‍රතාව තුරන් කොට සශ්‍රීකත්වය ඉහළ නැංවීමේ මඟ බව විශ්වාස කරනවා. ජාතික ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා අතිශය වැදගත් ක්ෂේත්‍රයවල මූල්‍යකරණය පුළුල් කිරීමේ අවශ්‍යතාව, වර්තමානයේ අපගේ කාර්යභාරය බව අපි පැහැදිලිව හඳුනාගෙන සිටිනවා.”‍

ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රවේශය සලකුණු කරමින් LOLC ෆිනෑන්ස් දැන් ශාඛා 210 කින් සමන්විත වන අතර, සක්‍රීය ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 600,000 ඉක්මවයි. සමාගමේ සමස්ත ණය කළඹ රුපියල් බිලියන 200 ඉක්මවන අතර, රුපියල් බිලියන 150 කට වැඩි තැන්පතු සංචිතයකින් එය ශක්තිමත් වී තිබේ.”

595



අදහස් (0)

LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site