INSEE සිමෙන්ති ලංකා සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස යාන් කුනිග් මහතා පත්කර තිබේ. 2023 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම පත්වීම සමාගමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇතැයි එම සමාගම සඳහන් කරයි. මීට පෙර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ නන්දන ඒකනායක මහතා එම තනතුරෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට මෙලෙස යාන් කුනිග් මහතා පත්කර ඇති අතර ඒකනායක මහතා මින් ඉදිරියට සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
2017 වසරේදී විධායක උපසභාපති ලෙස INSEE සිමෙන්ට් ශ්‍රී ලංකා සමාගමට එක්වූ යාන් කුනිග් මහතා එහි වාණිජ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරමින් අලෙවි, විකුණුම්, නිෂ්පාදන හා විසඳුම්, නවෝත්පාදන සහ බාහිර කටයුතු සම්බන්ධ වගකීම් දැරීය.
ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ අත්දැකීම් බහුල ප්‍රවීණ වෘත්තිකයෙකු වන කුනිග් මහතා මීට පෙර ස්විට්සර්ලන්තය පදනම් කරගත් Holcim සමූහ ව්‍යාපාරය තුළ තනතුරු රැසක් දරා තිබේ. එම සමූහයේ දකුණු ආසියානු ASEAN කලාපයේ ප්‍රධානී (ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන) ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දුනීසියාවේ Holcim සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරමින් එම සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසුකිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නේය.
Holcimසමූහයට එක්වීමට පෙර කළමනාකරණ උපදේශන කටයුතුවල නිරත වූ කුනිග් මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ Western lllinois University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ජර්මනියේ Bamdery University වෙතින් යුරෝපීය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ඩිප්ලෝමාවක් (Diplom Kaufmann) හිමිකරගෙන තිබේ. එමෙන්ම ඒ මහතා IMD Lausanne (ස්විට්සර්ලන්තය) සහ (ඇමරිකා එක්සත් ජනපදය) යන ආයතනවල විධායක කළමනාකරණ වැඩසටහන්වලට සහභාගී වී ඇත.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
INSEE සිමෙන්ට සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්