
Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei මේටිබුක් X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවකින් සිය එදිනෙදා කාර්ය ඉටු කරගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත මේට්බුක් X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇතැයි එම සමාගම කියයි.
මේට්බුක් X Proහි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView Displayසහ දිගු කාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරැඹුම් අත්දැකීමක් ලබාදෙන 3K high Definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ. තව ද කිලෝග්‍රෑම් 1.33ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර 14.6ක් තරම් වූ ඝනකම, මෙම ලැප්ටොප් මාදිලිය ඕනෑම අයකුට ඉතා පහසුවෙන් එහාමෙහා රැගෙන යා හැකි උපාංගයකි. කාර්යසාධනය (Performance) පිළිබඳ සැලකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel Core ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාව ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කරගෙනයි.
මෙම නවතම මේට්බුක් X Pro හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා මෙලෙස පැවැසීය.
“පසුගිය වසර කිහිපය පුරාවටHuawei විසින් ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගේ විවිධ ලැප්ටොප් පරිගණක අවශ්‍යතා පිළිබඳ හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි විශිෂ්ට ගණයේ ලැප්ටොප් මාදිලි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළා. විශේෂයෙන්ම කාර්ය බහුල වෘත්තිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ එදිනෙදා තාක්ෂණික අවශ්‍යතා සඳහා ගැළපෙන නවෝත්පාදන රැසකින් සමන්විත වෘත්තීය මට්ටමේ ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළට හඳුන්වා දීමට අපට හැකි වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත මේට්බුක් X Pro 2021 ද ඉහළ කාර්ය සාධනයක් සහිත, විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් පරිගණකයක් ලෙස මා හැඳින්වීමට කැමැතියි.”
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
Huawei නවතම ලැප්ටොප් ළඟදීම ශ්‍රී ලංකාවේ