
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)
ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකි.
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ 7 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබිණි.
එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසේ දරුවන්ට මේ එන්නත් දෙන්නේ කාගෙ අනුමැතිය ඇතිවද ? කිරිදරුවෝ.
මේවා එන්නත් ටෙස්ට් කරන්න කරපු දෙයක්ද?