(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජීඑස්පී ප්ලස් දිනා ගැනීම සඳහා විපක්ෂයේ සහාය දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය
මෙම බදු පහසුකමෙන් රටේ කර්මාන්තශාලා රැකීරක්ෂා බිහිවන බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය අනුව මේ බදු පහසුකම දිනා ගැනීම ලොකු අභියෝගයක් බව තමා පිළිගන්නේ යැයිද විපක්‍ෂනායකවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පාරිභෝගිකයාගේ ආරක්ෂාව සුරක්ෂා කරන අලුත් ක්‍රමවේදයකට යා යුතු බවත් අලුත් නීති හඳුන්වා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාව ජීවත්වන්නේ සතුටින්ද කියන කාරණය රජය සොයා බැලිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා ඔබලාට දස ලක්ෂ ගණනින් උදව් කළ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අමතක නොකරන්නැයි ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:
ලබන සැප්තැම්බර් මාසයේදී මේ ගැන සාකච්ඡා කරනවා. ඇමරිකාව තමයි අපේ ලොකුම අපනයනකරුවා. අපේ පැත්තෙන් කළ හැකි මැදිහත්වීම කරනවා
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
GSP+ ගන්න විපක්ෂයේ සහාය දෙනවා