IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Fits Air සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත් කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹ ඇති බව නිවේදනය කරයි. ගමනාන්ත 3 ක්  පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරන බව ද එම ආයතනය කියයි.

FitsAir සිය ජාත්‍යන්තර මගී සේවා 2022 ඔක්තෝම්බර් මාසයේ දී දියත් කරනු ලැබුවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලෙන් යුත් පහසු සංචාරක විකල්ප ලබා දීමේ අරමුණෙනි. මේ හේතුවෙන් ආරම්භයේ සිටම සිය සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනය වීමක් ගුවන් සමාගමට අත්විඳිය හැකි විය.

සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයන්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම අපට සතුටක්. මෙම සන්ධිස්ථානය අප කණ්ඩායමේ සියලු 
දෙනාගේම කැපවීම විදහා දක්වන්නක්. මින් ඉදිරියටත් අපගේ පාරිභෝගිකයන්ට ආරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර් කාසිම් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ පියාසර කිරීමට තෝරා ගත් පාරිභෝගිකයන්ට මම අපගේ අවංක කෘතඥතාව පළකර සිටිනවා. මගීන් 50,000 කට සේවය කිරීමට ලැබීම අප ලද මහඟු ගෞරවයක්.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් FitsAir සිය 50,000 වැනි පාරිභෝගිකයාට නොමිලේ ගුවන් ටිකට් පතක් පිරිනමනු ලැබුවා.

තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයන්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, අඩු වියදමක් සහිත ප්‍රමුඛතම ගුවන් ගමන් සපයන්නා වීම FitsAir හි අපේක්ෂාවයි.

595



අදහස් (0)

Fits Air සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site