Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී ඇත.
පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘Great Place to Work Awards 2022’ සම්මාන උළෙලට සහභාගී වූ Fcode Labs කණ්ඩායම වෙත මෙම සහතිකය පිරිනමන ලදී. පාරිභෝගික තෘප්තිය හා සමානවම කාර්ය මණ්ඩලයේ තෘප්තියද අගය කරන සමාගම් ගණනාවක් අතරින් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් බවට පත් වීම Fcode Labs ලැබූ ජයග්‍රණයකි.
ඉහළ වැටුප් ලබන Fcode Labs සේවක සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි පිළිබඳව ඉතා තෘප්තිමත් බව අදාළ දත්ත මගින් තහවුරු වේ. අර්බුදකාරී අවස්ථාවක කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙවර අවතක්සේරු නොකළ යුතු බව සමාගම දැඩිව විශ්වාස කරයි. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව සේවක වැටුප් ගණනය කිරීම සමාගම සේවක වැටුප් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙන ඇති වැදගත් පියවරකි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ මාර්ගගත ක්‍රමයට රාජකාරි කිරීමට සිදුවීම මෘදුකාංග සමාගම් මුහුණ දුන් විශාල අභියෝගයකි. එය 2022 වසරේ හොඳම සේවා ස්ථාන අතර ලැයිස්තුගත වීමටද අභියෝගයක් විය. එම අභියෝගය සාර්ථකව භාර ගත් Fcode Labs දෙමුහුන් සේවා ක්‍රමයක් ස්ථාපිත කළේය. එමඟින් එහි සේවකයන්ට නම්‍යශීලිව සහ පීඩනයකින් තොරව සේවය කිරීමට අවශ්‍ය නිදහස ලැබිණි.
සේවය කිරීමට හොඳම ස්ථානයක් වන Fcode Labs සියලු දෙනාගේ අදහස් සහ යෝජනා පිළිගන්නා විනෝදාත්මක සේවා ස්ථානයක්ද වේ. කාර්යාලයේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට පවත්වන විවිධ වැඩසටහන් හරහා සේවකයන් තුළ උද්යෝගය පවත්වා ගෙන යාමද සුවිශේෂ ලක්ෂණයකි.
ක්‍රීඩා උත්සව සහ විනෝද චාරිකා වැනි දෑ කණ්ඩායම් සම්බන්ධතා සහ සේවක අභිප්‍රේරණය ඉහළ නංවයි. විශිෂ්ට මෘදුකාංග නිෂ්පාදනය Fcode Labs සමාගමක් ලෙස ඉටු කරන කාර්යභාරය අතරින් කොටසක් පමණි. එහි දැකිය හැකි ධනාත්මක වටපිටාව සහ යහපත් වටිනාකම් සේවා ස්ථානයක් ලෙස එය ලබා ඇති දියුණුව මනාව පිළිබිඹු කරයි. අභියෝග රැසක් මධ්‍යයේ මෙතෙක් දුර පැමිණියත්, ‘හොඳම දේ ඉදිරියට’ යන්න ඔවුන්ගේ විශ්වාසය වේ.
595
ඡායාරූපය - පමල්ජිත් හර්ෂප්‍රිය (ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකරු), රමේෂ් රත්නායක (අධ්‍යක්ෂ), සංඛනී සුරවීර (මානව සම්පත් විධායක), බුද්ධිශාන් මනම්පේරි (අධ්‍යක්ෂ), තරිඳු මලවලආරච්චි (අධ්‍යක්ෂ)
මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි මීගමුව කොචි කඩේ පොලිසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන්
ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම් වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන අක්කා නගෝ සහ මවගේ අනියම් සැමියා ල
මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට Lanka e-Mobility Solutions පෞද්ගලික සමාගම (LeMS) පියවර ගෙන ති
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
Fcode Labs ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 35 වැනි ස්ථානයට