
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.
ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය කාරණයක් බවද දැනුම් දී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ විශාලතම අරමුදල, තාමත් මේක ඇනලොග් ගල් යුගයෙද එතකොට? මම හිතුව තැන් තැන් වල ගහන කයිවාරුවල විදිියට මේක ඉලෝන් මාස්ක්ටත් ඩිගිටල් උගන්වන තැනක ඇති කියල. තේරෙනවනේ මේකට ගේම දෙන්න කවුරු කවුරුත් සෙට් උනත් කරපු සැලකිල්ල.මේ අරමුදල එහෙම ගල්යුගයෙ තියෙන එක මුන්නැහෙලට ගසා කෑමට පහසුයි. ඒකයි ඔය.
තමන්ගෙ මුදල තමන්ට බලාගන්න ක්‍රමයක් තවමත් නැද්ද. ඕකෙ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරල නැති කරපු කබ්රාල් බේරුනේ නීතිවල වරදින් මිස කබ්රාල් වරදක් නොකල නිසා නොවෙයි. ඔය අරමුදල ගසා කාපු සියල්ලන්ටම දඬුවම් දියහැකි රජයක් පත්කරගමු.
ගොඩාක් හොඳ දෙයක් නැත්නම් 55 වෙලා අර්ථසාධක ගන්න යද්දී මිනිස්සුන්ගේ පණ යනවා..
වැඩේ කරොත් හොඳයි
කළින් වැඩ කළ ආයතනයේ සේවා අංක නැතිව තමන්ගේ ETF මුදල් ගන්න විදිහක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න කරුණාකරලා.