IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


EPF ඩිජිටල් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත  පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.

ජනතාවගේ ආරක්ෂාව සඳහා එය  අත්‍යවශ්‍ය කාරණයක් බවද දැනුම් දී ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.



අදහස් (5)

EPF ඩිජිටල් වෙයි

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:08 PM

ලංකාවෙ විශාලතම අරමුදල, තාමත් මේක ඇනලොග් ගල් යුගයෙද එතකොට? මම හිතුව තැන් තැන් වල ගහන කයිවාරුවල විදිියට මේක ඉලෝන් මාස්ක්ටත් ඩිගිටල් උගන්වන තැනක ඇති කියල. තේරෙනවනේ මේකට ගේම දෙන්න කවුරු කවුරුත් සෙට් උනත් කරපු සැලකිල්ල.මේ අරමුදල එහෙම ගල්යුගයෙ තියෙන එක මුන්නැහෙලට ගසා කෑමට පහසුයි. ඒකයි ඔය.

:       0       7

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:13 PM

තමන්ගෙ මුදල තමන්ට බලාගන්න ක්‍රමයක් තවමත් නැද්ද. ඕකෙ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරල නැති කරපු කබ්රාල් බේරුනේ නීතිවල වරදින් මිස කබ්රාල්⁣ වරදක් නොකල නිසා නොවෙයි. ඔය අරමුදල ගසා කාපු සියල්ලන්ටම දඬුවම් දියහැකි රජයක් පත්කරගමු.

:       1       8

ධනුෂ්ක ප්‍රේමතිලක Friday, 21 June 2024 02:01 PM

ගොඩාක් හොඳ දෙයක් නැත්නම් 55 වෙලා අර්ථසාධක ගන්න යද්දී මිනිස්සුන්ගේ පණ යනවා..

:       0       7

දස්තා Friday, 21 June 2024 04:40 PM

වැඩේ කරොත් හොඳයි

:       0       8

sanath Saturday, 22 June 2024 02:39 PM

කළින් වැඩ කළ ආයතනයේ සේවා අංක නැතිව තමන්ගේ ETF මුදල් ගන්න විදිහක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න කරුණාකරලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site