IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


DSI ටයර්ස් NCE විශිෂ්ටතා සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින  DSI ටයර්ස් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී DSI ටයර්ස් කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා වෙත මෙම රිදී සම්මානය පිරිනැමිණි.

දශක තුනකට අධික ඉතිහාසයක් සහිත DSI ටයර්ස් සමාගමේ නිෂ්පාදන අතර බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කර්මාන්ත ටයර්, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ බයිසිකල් ප්‍රමුඛ ස්ථානයක් ගනි. 

DSI ටයර්ස් වර්තමානයේදී ISO 9001:2015, INMETRO Certification, SLS, Tanzania Bureau of Standards, E4 Marking iy BIS (Bureau of Indian Standards)  ඇතුළු තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇත. විදේශ විනිමය අර්බුදයත් සමඟ DSI ටයර්ස් දේශීය වෙළෙඳපොළට නිෂ්පාදන සැපයීම වේගවත් කරමින් අපනයන ඉලක්කද වර්ධනය කර ගනිමින් ව්‍යාපාර ජාලය පුළුල් කිරීමට පියවර ගත්තේය. 

DSI ටයර්ස්  නිෂ්පාදන සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම වර්ධනය වීම සුවිශේෂත්වයකි. ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම තහවුරු කරමින් DSI ටයර්ස්  රටවල් 85කට අධික ප්‍රමාණයකට සිය නිෂ්පාදන  අපනයනය කරයි. ලොව ප්‍රමුඛතම අලෙවි ජාලයන් රැසක් ඔස්සේද සිය නිෂ්පාදන අලෙවි කරන DSI ටයර්ස් මීට පෙරද අපනයනය විශිෂ්ටතා සම්මාන සහ ජනාධිපති සම්මාන අඛණ්ඩව දිනා ඇත.

595



අදහස් (0)

DSI ටයර්ස් NCE විශිෂ්ටතා සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 759 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 801 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 197 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 983 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2681 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 407 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2006 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site