IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


DIMO සෞඛ්‍ය සේවා මෙහෙයුම් ’’DIMO Heathcare” නමින්

DIMO, දේශීය ඖෂධ  ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලු‍ම සෞඛ්‍ය සේවා මෙහෙයුම් "DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී.

DIMO දශක 7කට වඩා වැඩි කාලයක් පුරාවට විකිරණවේදය, අක්ෂි විද්‍යාව, ස්නායු විද්‍යාව, හෘදරෝග චිකිත්සාව සහ පිළිකා රෝග යන අංශවලට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින්  රටේ සෞඛ්‍ය සේවා අංශයට සිය සහයෝගය දක්වා ඇත. මෙම සේවා තවත් පුළුල් කරමින් DIMO ආයතනය, මෑතකදී ඖෂධ ක්ෂේත්‍රයට පිවිසියේය.

සිය උපාය මාර්ගික දැක්මට අනුව කටයුතු කරමින් ඖෂධ ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වෙමින් Mansel Ceylon (Private) Limited සහ Associated Laboratories (Private) Limitedයන සමාගම් අත්පත් කර ගැනීමටද DIMO කටයුතු කරන ලදී.

DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO Healthcare යන නව මුහුණුවරකින්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ අපගේ අරමුණ ඉටු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සමාගම් දැක්ම තුළින් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විවිධ අංශ ඔස්සේ අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකියාව ලැබෙනවා.

”ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නවීන තාක්‍ෂණය දේශීය සෞඛ්‍ය සේවා අංශයට ලබාදීමට DIMO Healthcare නිරතුරුවම කැපවී සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් අප නිතරම ලොව පිළිගත් හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට කටයුතු කරනවා.” DIMO හි විධායක අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

Siemens Healthineers, Carl Zeiss, Draeger යන ලොව ප්‍රකට නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන තුළින්  විකිරණවේදය, අක්ෂි විද්‍යාව, දැඩි සත්කාර අංශය, හෘද රෝග චිකිත්සාව, පිළිකා රෝග, යන අංශවලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමේ ප්‍රමුඛයා බවට DIMO පත්ව ඇත.

595



අදහස් (0)

DIMO සෞඛ්‍ය සේවා මෙහෙයුම් ’’DIMO Heathcare” නමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site