IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


DIMO වෙතින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට නව මුහුණුවරක්

DIMO, TKE  වෙතින් ගෙන එන ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවකින් යුත් “Enta Villa”  තුළින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තය නව තලයකට ඔසවා තබන බව එම සමාගම කියයි.

ජර්මනියේ සෝපාන සහ එස්කැලේටර් සඳහා ගෝලීය ප්‍රමුඛයා වන TKE සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා, සවිකරන්නා සහ සේවා සපයන්නා ලෙස 2018 දී DIMO පත් වූ  අද වන විට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්ම සම්පූර්ණ කිරීමට DIMO සමත්වී ඇත. 2021 වසර සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ද TKE විසින් DIMO   පිළිගැනීමට ලක් කරන ලදී.

DIMO  විසින් නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති අතරට කොළඹ 09, කටුබැද්ද, බණ්ඩාරවෙල, මහනුවර පිහිටි Cragills සහ කුරුණෑගල පිහිටි Softlogic Mall ඵ්කක වැනි සුපිරි වෙළඳසැල් ඇතුළත් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා පරිගණක විද්‍යා පීඨය, කැලණිය සහ සබරගමුව විශ්වවිද්‍යාල වල තාක්ෂණ පීඨ සඳහා ද DIMO විසින් ව්‍යාපෘති සම්පූර්ණ කොට ඇත. හෝටල් අංශය තුළ  Barberyn Beach Ayurveda Resort Weligama සහ Radisson Blu Thalpe  සඳහා විදුලි සෝපාන විසඳුම් සපයා ඇත. තවත් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ව්‍යාපෘති දැක්විය හැකිය.

TKE Home Elevator විසඳුම්වල කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස එහි නවීනතම බලශක්ති කාර්යක්ෂම තාක්‍ෂණය දැක්විය හැකි අතර එමඟින් ගෘහස්ථ විදුලි උපකරණ හා සැසඳිය හැකි ආකාරයේ බලශක්ති මට්ටමක් පරිභෝජනය කිරීමට Enta Villa හට හැකියාව ලැබේ.

DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලි සෝපාන සහ එස්කැලේටර් ව්‍යාපාර අංශය අධීක්‍ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ”‍අපි දේශීය විදුලි සෝපාන අංශයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා. මෙම විදුලි සෝපාන, සංචරණ ගැටලු වලින් පීඩා විඳින පුද්ගලයන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනවා. අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂ බලගැන්වීමට කැපවී සිටින සමාගමක් ලෙස, Enta Villa වැනි බලශක්ති කාර්යක්ෂම විසඳුම් ඉදිරිපත් කරමින් ප්‍රජාවේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ට DIMO නිරතුරුවම කටයුතු කරනවා.”‍

595



අදහස් (0)

DIMO වෙතින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට නව මුහුණුවරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site