IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


DIMO බලශක්ති විසඳුම් නව සන්නාමයකින්

DIMO ආයතනයDIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී.

DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් ලබා දෙයි. මීට අමතරව සිය වර්තමාන නිෂ්පාදන කළඹ පුළුල් කරමින් සහ විසඳුම් ලබා දීමට කටයුතු කරයි.

වර්තමාන ලෝකය තුළ රටවල් සිය ව්‍යාපාරවල බලශක්ති පිරිවැය ඉහළ යාමේ අභියෝගයකට මුහුණ දෙයි. DIMO Energy මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වමින් cogeneration solutions හරහා කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ ජනනය කරන අතිරික්ත තාපය විදුලිය බවට පරිවර්තනය කිරීම් වෙතට යොමු වී ඇත. 

ඇඟලු‍ම්, සිමෙන්ති කම්හල්වල නිපදවන තාපයෙන් ටර්බයින හරහා විදුලිය නිපදවීම මේ තුළින් සිදුකරයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සූර්ය පැනල සවි කිරීමට උපකාරී වන agrivoltaicsකෙරෙහිද DIMO Energy සිය අවධානය යොමු කරයි. මෙම ප්‍රවේශය යටතේ, සූර්ය පැනල කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට ඒකාබද්ධ කර ඇති අතර, එමගින් ඍජු හිරු එළියෙන් ආරක්ෂා වූ විට වර්ධනය වන විශේෂිත බෝග වගා කිරීමට හැකි අතර පුනර්ජනනීය බලශක්ති ද නිපදවිය හැක.

DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලිබල හා බලශක්ති අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ පැවසීය. “නව DIMO Energy සන්නාමය මඟින් ප්‍රජාවගේ සිහින සහ අභිලාෂ බලගන්වමින් එහි සන්නාම පොරොන්දුව වන අනාගතය බල ගන්වමින් අපගේ සියලු‍ම පාරිභෝගික අවශ්‍යතා එකම වහලක් යටින් සපුරාලීම සිදුකිරීමට අපට දැන් හැකියාව ලැබී ඇත.”‍

595



අදහස් (0)

DIMO බලශක්ති විසඳුම් නව සන්නාමයකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site