IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


DIMO ඇග්‍රිබිස්නස් වෙතින් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය

DIMO ඇග්‍රිබිස්නස්  සිය දීර්ඝ කාලීන හවුල්කරුවකු වන මහින්දා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ  Mahindra Yuvo Tech+ 585  ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දුන්නේය.

Mahindra Yuvo Tech+ 585  ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හඳුන්වාදීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිඳුණුවැව මනරම් වෙල්යායක  විශාල ගොවි  ජනතාවකගේ සහභාගිත්වයෙන්  සිදුවුණු අතර, උත්සවයට සහභාගී වූ ගොවීන්ට මෙම නවතම ට්‍රැක්ටර් රථය පදවා පරික්ෂා කිරීමට ද අවස්ථාව ලැබිණි.

Mahindra  හි මීළඟ පරම්පරාවේ  Yuvoට්‍රැක්ටර් මාලාව යටතේ නිෂ්පාදිත මෙම ට්‍රැක්ටරය එයටම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත වන අතර එමඟින් මෙහි කාර්යක්ෂමතාව සහ බහුකාර්ය හැකියාව ඉහළ නැංවී ඇත. මෙහි අඩංගු ඉහළ කැරකුම් බලය (Torque) 197nm සහ 2979 CC ධාරිතාව සහිත එන්ජිම තුළින් එරුම් සහිත කුඹුරකදී මෙන්ම ප්‍රවාහනයේදී ද වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව මෙම ට්‍රැක්ටර් රථයට ලැබී ඇති අතර, 1700 Kg කට ආසන්න එසවුම් ධාරිතාවයක් මෙය සතු වේ. මෙහි අඩංගු ඩ්‍රයි ටයිප් (Dry Type) එයාර් ෆිල්ටරය නිසා නිරන්තර නඩත්තුව හා සේවාව අවශ්‍ය නොවන අතර ෆිල්ටරය පිරිසිදු කිරීමට අවශ්‍ය වන විට ඒ බව ට්‍රැක්ටර් මෙහෙයුම්කරුට ඉතා පහසුවෙන් දැනගැනීමට එය දර්ශක පුවරුවේ සඳහන් වේ. එන්ජිම වඩා කාර්යක්ෂමතාවෙන් හා එලදායී ලෙස ක්‍රියාකිරීමට මෙම එයාර් ෆිල්ටරය නිපදවා ඇත.

ඩුවල් ක්ලච් පද්ධතිය මඟින් ගියර් මාරු කිරීමේදී PTO පද්ධතිය නොනවත්වා ධාවනය කිරීමේ හැකියාවත් PTO ක්‍රියාකාරිත්වය අතින් හසුරුවන ලීවරයක් මඟින් හැසිරවීමේ හැකියාවත් නිසා යන්ත්‍රය මඟින් වැඩි කාර්යක්ෂමතාවකින් හා ඉතා පහසුවෙන් වැඩි වේලාවක් ක්‍රියාකරුට වැඩ කිරීමේ හැකියාව ලැබී ඇත.

595



අදහස් (0)

DIMO ඇග්‍රිබිස්නස් වෙතින් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site