IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


DFCC බැංකුවGalaxyසමගින් නව ගමක

DFCCබැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වන බව එම බැංකුව සඳහන් කරයි.

DFCC Galaxyමගින් ගනුදෙනුකරුවන්ට Virtual ශාඛාවක අත්දැකීම විඳගන්නා අතරම, වෙනත් පරිශීලකයන් සමග සම්බන්ධ වීමට සහ විවිධ ක්‍රීඩාවල නිරත වීමට මෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමට ද අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙමගින් ඔවුන්ට පැය 24 පුරා ක්‍රියාත්මක චැට්බොට් සේවාවක් සමග සම්බන්ධ වීමටත්, සජීවී පාරිභෝගික සහය සේවාව භාවිත කිරීමටත් හැකියාව ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCCබැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. DFCC Galaxy දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වනවා. “මෙය අපට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත්‍රයටම වැදගත් වන සුවිශේෂී සන්ධිස්ථානයක්. නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා ආකර්ෂණීය ලෙස බැංකු සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප දක්වන උත්සාහය මෙමගින් මනාව පැහැදිලි වනවා. ඩිජිටල් නවෝත්පාදනය සහ එහි භාවිතය යනු DFCC බැංකුවේ අවධානය යොමු වන ප්‍රධානතම අංශ දෙකක්. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ පරිසර සංවර්ධන මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා DFCC බැංකුව සකස් කර ඇති සැලසුම් තුළ මේ බව පැහැදිලිව දක්වා තිබෙනවා. අභියෝගවලට මුහුණ දිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා, Virtual බැංකුකරණය සහ ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම අත්‍යවශ්‍යයි. ඒ ගමනේ පුරෝගාමියෙකු වීමට හැකි වීම අපට ආඩම්බරයක්.

595



අදහස් (0)

DFCC බැංකුවGalaxyසමගින් නව ගමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site