ශ්රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrumමැරීන් කන්සල්ටන්සි ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ '446 Centrum Haus' නමින් පසුගියදා විවෘත කරන ලදී.
වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ මොහොතින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත වූ අතර, Centrum මැරීන් කන්සල්ටන්සි ආයතනයේ නිර්මාතෘ/ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා, තානාපති සේවාවේ ප්‍රභූන්, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු ආයතනයේ සේවක මණ්ඩලය මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.
නවීන අංගෝපාංග සහිතව, සියලු පහසුකම්වලින් පරිපූර්ණව නව්‍ය ගෘහ නිර්මාණ සංකල්පයකට අනුව නිමැවූ මෙම ගොඩනැගිල්ල තුළින් සාගර වෘත්තීය මානව සම්පත් කළමනාකරණයට නව ප්‍රවේශයක් විවර වෙයි. ගෝලීය නැව් හිමිකරුවන් සහ කළමනාකාරවරුන් මුහුණදෙන බඳවාගැනීම්, ස්ථානගත කිරීම් සහ වෘත්තිකයන් පවත්වාගැනීම් ආදී වූ සංකීර්ණ මානව සම්පත් අභියෝග සියල්ලටම විසඳුම් සොයාගැනීමට සහ ඒවා විශේෂඥ වෘත්තීයභාවයකින් හැසිරවීම සඳහා මෙම ස්ථානයේ සියලු පහසුකම් ගොඩනංවා ඇත.
ලොව පිළිගත් නැව් සමාගම් විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන් 16000කට අධික ගණනක් සක්‍රීයව සේවය කරන අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙයි. සමුද්‍ර වෘත්තීයවේදීන් පිළිබඳ සැළකීමේ දී වඩාත් ඉහළ වෘත්තීයභාවයක් සහිත විශ්වාසනීය වෘත්තිකයන් සිටින රටක් ලෙස සියලු දෙනාගේ විශ්වාසය වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. සාගර වෘත්තීය අධ්‍යාපනය සහ ඊට අදාළ වූ යටිතල පහසුකම් වර්ධනය වීම මෙන්ම ඉහළ පුහුණුකිරීම් ක්‍රියාවලිය නිසාම ශ්‍රී ලාංකික සමුද්‍ර වෘත්තීයවේදීන් ලෝකයේ සිටින ඉහළම තලයේ වෘත්තිකයන් ලෙස ලොව පුරා ඇගයීමට ලක්වී තිබේ.
2020 දී කාලිංග ද සිල්වාගේ සංකල්පයක් මත ගොඩනැංවූ Centrumමැරීන් කන්සල්ටන්සි ආයතනය නාවික මානව සම්පත් සේවා ලබාදෙන අතර වසර 45කට වැඩි වෘත්තීය අත්දැකීම්වලින් සැදුම්ලත් කණ්ඩායමක් මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරයි.
595
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
Centrum මැරීන් නවීන සංකල්පීය මූලස්ථානය විවෘත කරයි