IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


CameraLK යාපනය නගරයට පිවිසෙයි

ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වැනි ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.

මෙම  යාපනය නව ශාඛාව දියත් කිරීම CameraLK හි, ශ්‍රී ලංකාව පුරා පුළුල් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ ගුණාත්මක අගය ඉහළ නැංවීමේ උපායමාර්ගික එළඹුමේ තවත් එක් සන්ධිස්ථානයකි.  

යාපනයේ නව ශාඛාව Sony ආයතනයේ RMDC විකුණුම් ප්‍රධානී Stanley Tan, Sony ආයතනයේ RMDC DIඅලෙවි ප්‍රධානී Karan sumසහ CameraLK හී කළමනාකරණ අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු අතින් සුබ මොහොතින් විවෘත වූ අතර ආරාධිත අමුත්තන් සහ CameraLK කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.

කාර්ගිල්ස් චතුරස්‍රය, පළමු මහල, අංක 09 ස්ථානයේ පිහිටා ඇති මෙම නව අලෙවිසැල ඡායාරූපකරණ අවශ්‍යතාවලට මනාව ගැළපෙන කැමරා ආම්පන්න නිරීක්ෂණය කිරීමට සහ ඒවා මිලදී ගැනීමට නවීන පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. උසස් තත්ත්වයේ DSLR කැමරා, පහසුවෙන් හැසිරවිය හැකි mirrorless කැමරා, Point – and - shoot කැමරා සහ විශාල පරාසයක පැතුරුණු විවිධ කැමරා ආම්පන්න රැසක් යාපනය නව ශාඛාවේ තිබෙන අතර උතුරු පළාතේ පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවට සරිලන නවීන මාදිලියේ උපකරණ රැසක් එකම තැනකින් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

ව්‍යාපාර පුළුල් කිරීමේ මේ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා මෙසේ පැවැසීය. ඇත්තටම යාපනය ප්‍රදේශයේ අපේ ශාඛාවක් විවෘත කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා වගේම උතුරු පළාතේ සිටින ඡායාරූපකරණයට කැමති අයට සහ ඡායාරූප ශිල්පීන්ට නවීන උපකරණ එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීමට අපට හැකියාව ලැබී තියෙනවා. මෙම නව ශාඛාව හරහා විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමග උසස් තත්ත්වයේ ලොව පිළිගත් නවීන කැමරා ආම්පන්න වඩා සාධාරණ මිලකට ලබාගැනීමේ දැන් හැකියාව ලැබෙනවා.”

595

 



අදහස් (0)

CameraLK යාපනය නගරයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site