IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනවල සංවර්ධනය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම අරමුණු කරගෙන තබුණි.

"Shaping Innovation, Powering Progress " යන තේමා පාඨය යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සුවිශේෂි සම්භාවනීය ආරාධිතයන් වශයෙන් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරු සහභාගි වූ අතර ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් මෙරට කාර්මික සංවර්ධන සඳහා ඇති කැපවීම මෙම ප්‍රදර්ශනයේදී සනිටුහන් කරන ලදී.

දින තුනක් පුරා පැවැත්වුණු මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනය තුළ කාණ්ඩ 05ක් යටතේ සමගාමී ප්‍රදර්ශන සංවිධානය කර තිබීම සුවිශේෂීත්වයකි. එහිදී RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරන අතර COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ වර්ධනය කෙරෙහි නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කළේය. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා දෘඪාංග මෙවලම් හා භූමි නිර්මාණකරණය උදෙසා යොදාගන්නා මෙවලම් පිළිබඳව දැනුවත් කිරීම සිදුවුණි. MOPEEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර් රථ අමතර කොටස්, ටයර්, බැටරි සහ ගරාජ් උපකරණ පිළිබඳව දැනුවත් කළේය. MOPEEXPO සඳහා ශ්‍රී ලංකා ඔටෝ කම්පොනන්ට් මැනුෆැක්චර්ස් ඇසෝෂියේෂන්, චෙම්බර් ඔෆ් ඔටෝමොබයිල් ප්‍රොෆෙෂනල් ඇන්ඩ් එන්ටර්ප්‍රයිසස් මෙන්ම ලංකා මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඩීලර් ඇසෝෂියේෂන් යන සංගම්වල පූර්ණ සහයෝගීත්වය හිමිවුණි.

මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 200ක් පමණ සහභාගී වූ අතර, එයට ඉන්දියානු සමාගම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම චීන හා ශ්‍රී ලංකා සමාගම් 80ක් පමණ ඇතුළත් විය.

595



අදහස් (0)

COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 27 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ
2024 අප්‍රේල් මස 28 440 0

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන


කුලියාපිටිය සිසුවකුගෙන් විශ්මිත නිර්මාණයක්
2024 අප්‍රේල් මස 28 455 0

ලොව පුරා කෝටි සංඛ්‍යත රෝගීන් සෙමෙන් සෙමෙන් මරාදමන ඇඳ කුෂ්ට නොහොත් එක්තැන්ව ඇඳේ දිගුකලක් නිසොල්මන්ව සිටියදී ඇතිවෙන තුවාල මගහරවන ක්‍රමවේදයක් ලොව ප්‍ර


නිදන කාමරයේ නිදන් සොයලා
2024 අප්‍රේල් මස 28 174 0

පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්


ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි
2024 අප්‍රේල් මස 28 526 1

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ


යුද්ධයකදී උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්
2024 අප්‍රේල් මස 28 1232 0

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 373 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1599 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site