IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනවල සංවර්ධනය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම අරමුණු කරගෙන තබුණි.

"Shaping Innovation, Powering Progress " යන තේමා පාඨය යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සුවිශේෂි සම්භාවනීය ආරාධිතයන් වශයෙන් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරු සහභාගි වූ අතර ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් මෙරට කාර්මික සංවර්ධන සඳහා ඇති කැපවීම මෙම ප්‍රදර්ශනයේදී සනිටුහන් කරන ලදී.

දින තුනක් පුරා පැවැත්වුණු මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනය තුළ කාණ්ඩ 05ක් යටතේ සමගාමී ප්‍රදර්ශන සංවිධානය කර තිබීම සුවිශේෂීත්වයකි. එහිදී RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරන අතර COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ වර්ධනය කෙරෙහි නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කළේය. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා දෘඪාංග මෙවලම් හා භූමි නිර්මාණකරණය උදෙසා යොදාගන්නා මෙවලම් පිළිබඳව දැනුවත් කිරීම සිදුවුණි. MOPEEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර් රථ අමතර කොටස්, ටයර්, බැටරි සහ ගරාජ් උපකරණ පිළිබඳව දැනුවත් කළේය. MOPEEXPO සඳහා ශ්‍රී ලංකා ඔටෝ කම්පොනන්ට් මැනුෆැක්චර්ස් ඇසෝෂියේෂන්, චෙම්බර් ඔෆ් ඔටෝමොබයිල් ප්‍රොෆෙෂනල් ඇන්ඩ් එන්ටර්ප්‍රයිසස් මෙන්ම ලංකා මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඩීලර් ඇසෝෂියේෂන් යන සංගම්වල පූර්ණ සහයෝගීත්වය හිමිවුණි.

මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 200ක් පමණ සහභාගී වූ අතර, එයට ඉන්දියානු සමාගම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම චීන හා ශ්‍රී ලංකා සමාගම් 80ක් පමණ ඇතුළත් විය.

595



අදහස් (0)

COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ඉතාලියේදී  මියගිය ලක් තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි
2023 නොවැම්බර් මස 28 520 0

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්


බාල බෙහෙත් ගැන විමර්ශනය කරද්දී හිටපු ලේකම් ලෙඩ වේ
2023 නොවැම්බර් මස 28 409 0

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ.


හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි
2023 නොවැම්බර් මස 28 187 0

නිසි ක්‍රමවේදයකින් නැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන


SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය
2023 නොවැම්බර් මස 28 26 0

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල


අන්තර් ජාලයෙන් මිනිසුන් රවටා ලක්ෂ ගණන් වංචා කරලා
2023 නොවැම්බර් මස 28 374 0

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නිරතව සිටියේ යැයි කියන පුද්ගලයකු කොළඹ, මට්ටක්කුලිය පොලිසිය විසින් පෙරේදා (27) ස


බිහිරි පිරිසකගේ කෝටියකටත් විදලා
2023 නොවැම්බර් මස 28 325 0

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 730 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 570 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4380 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site