
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය.
මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි.
2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබූ කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්‍රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී පැවති අවශ්‍යතාව අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, අද වනවිට එය මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට ඇතුළත් වන සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.
මේ වනවිට සම්පූර්ණ කර ඇති මුල් අදියර තුළ 64 දෙනකුට නවාතැන් පහසුකම් හිමිවනු ඇති අතර, සමස්ත ගොඩනැගිලි සංකීර්ණය ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල පසුගියදා එම මධ්‍යස්ථානයේ ප්‍රධානී බි්‍රගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
“ජාතික මට්ටමේ අවශ්‍යතාවක් ඇති වූ විට, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කළ හැකි ජාතික සම්පතක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් CDBසමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” CDB හි විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.
595

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
CDB අනුග්‍රහයෙන් මිලියන 10ක වියදමින් යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකෙරේ