IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Alumex තවත් පුහුණු වැඩසටහනක් නිමවේ

ඇලුමෙක්ස් හී ලු‍මින් (Lumin) නිෂ්පාදන කාණ්ඩයට අයත් ඇලු‍මිනියම් ෆැබ්රිකේටර්වරුන් දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පරිපූර්ණ සහතිකලත්, පුහුණු ප්‍රජාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Lumin Certified Fabricators Coubයටතේ ක්‍රියාත්මක කරන ලද තවත් පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී.

මෙමLumin Certified Fabricators Coub හි මූලික අරමුණ වනුයේ පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවක් සමඟින් දේශීය නිෂ්පාදන කර්මාන්තයේ නියුතු පිරිස් පුහුණු හා සහතිකලත් ප්‍රජාවක් බවට පත්කිරීමයි.

පසුගිය ජුනි මාසයේ දී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා Lumin  නිෂ්පාදන ප්‍රජාවගේ සහභාගීත්වය හිමි වූ අතර, එහිදී ඉදිරි වැඩකටයුතු, නව වෙළෙඳ ප්‍රවණතා මෙන්ම දැනුම හුවමාරු වැඩසටහන් ද සංවිධානය කර තිබුණි. මෙහි තවත් අවස්ථාවක් ලෙස බාහිර සංවිධාන නියෝජනය කරමින් ‘‘අර්බුද හමුවේ සිය දක්ෂතා වර්ධනය කරගැනීම”‍ වැනි මාතෘකා යටතේ ආරාධිත දේශකයන් හා චින්තකයන් සිය දැනුම හා අත්දැකීමක් බෙදාගැනීම සිදුවිය.

Alumex PLC හී කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ශ්‍රී ලංකාවේ ඇලු‍මිනියම් නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙAlumex PLCනිරන්තරයෙන්ම කැපවී කටයුතු කරනවා. අපගේ විවිධ පුහුණු වැඩසටහන් හරහා, නිෂ්පාදකයන් නවීන තාක්ෂණය භාවිතය සඳහා යොමුකිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එසේම ඔවුන් තුළ සැඟවී සිටින ව්‍යවසායකයා දැනුමෙන් හා ආකල්ප වලින් පෝෂණ කිරීමටත් අපි ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබෙනවා. Alumex PLCඅපගේ මූලික අරමුණ නම් නිරතුරුවම මෙම ගමන්මඟේ ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන යෑමයි.”‍

595



අදහස් (0)

Alumex තවත් පුහුණු වැඩසටහනක් නිමවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site