ලෝක ඖෂධවේදී දිනය නිමිත්තෙක් ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරනු ලැබු APPCON 2026 සම්මන්ත්‍රණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් සේජ් පරිශ්‍රයේදි අද පෙරවරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඖෂධවේදි වෘත්තියේ වර්තමාන භූමිකාව, වෘත්තීය සංවර්ධනය, ඖෂධ සුරක්ෂිතතාව සහ ජනතාවගේ සෞඛ්‍යය සඳහා ඖෂධවේදීන්ගේ දායකත්වය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

එහිදි ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ගයනි නාගහගේ මහත්මිය විසින් අමාත්‍යවරයා හට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. 

එම අවස්ථාවට සංගමයේ ලේකම් බුද්ධික ගොඩගේ මහතා ඇතුළු පිරිසක් එක් වූහ. 

ඡායා ජයමාල් චන්ද්‍රසිරි