
(ජේ.ඉඳුරුවගේ)
අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.
මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක,අකිඳු විරුල ගජනායක,අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන් සොයුරෝ වෙති.
මෙයින් අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථ දෙක බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.
මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාථමික විදුහලේ එකට ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට ද ,ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි පුතේ ඔයාලාට... අධ්‍යාපනයේ ඉහළටම ගොස් ලක්මවගේ නාමය ලොව දසඅත පතුරුවන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම පතමි...
ඔබ තුන්දෙනාගේ දක්ෂතාවය අපි අගය කරනවා. ඉගෙනීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී රටට වැඩදායි පුරවැසියන් වෙන්න හැකිවේවා..!
එළ බ්‍රෝ එළ...!
බුදු සරණයි පුතේ, අධ්‍යාපනයේ ඉහළටම ගොස් ලක්මවගේ නාමය ලොව දසඅත පතුරුවන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම පතමි
හරිම සන්තෝෂ දෙයක්... ඔබලා හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ගුරු භවතුන්ටත් ආඩම්බරයක්... ජයවේවා...!
දරු තිදෙනෙකුගෙ රැකවරණය අතනෑර ඉගෙනුම ලබාදී පෙන්වන නිසිපාර... ලක්මව වෙතට සම්පත් දෙන අතිසූර ගුරු දෙගුරුන්ට කළයුතුමයි උපහාර...!
සුභ පැතුම් යාලුවනේ
පුතේ ඔයාලට බුදුසරණයි
සුභ පතනවා ,හොඳ පුරවැසියන් වෙයල්ලා .පුලුවන් හැම වෙලේම මිනිස්සුන්ට උදව් කරපල්ලා .මෙහෙන් පලයල්ලා .අපිවත් එහෙට ගනිල්ලා
සුබපැතුම්...!!! හොඳ කීර්තිමත් පුද්ගලයින් හැටියට අනාගතයේදී ඔබ තිදෙනාගේ සේවය ලංකාවට ලබාගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.
දන්න කෙනෙක් කියනවද ඕ ලෙවල් ලකුණු දෙන්නේ කීයෙන්ද කියලා ඉස්සර35 තමයි... එස් එක දැන් නම් ගණිතයට ලකුණු 17න් එස් එක දීපු කාල තිබ්බා... ඇත්තම එක් ළමයි නොමග යවන ක්‍රමයක් මම ගොඩාක් තැන්වල මේ ප්‍රශ්නය අහලා තිබ්බාට කවදාවත් හරියට උත්තරයක් ලැබිලා නැහැ...
ඔබගේ සාමාර්ථ ගැන සතුටු වෙමි. නමුත් ඔබ ඊළඟට පිවිසෙන උසස් පෙළ සැහැල්ලුවට නොගත යුතුයි. සා පෙළ සහ උ පෙළ අතර පරාසය ඉතා වැඩියි. සාමාන්‍යයෙන් සා පෙළ අසමත් වීමට අමාරු විභාගයක්. උ පෙළ A තුනක් ගත්තත් විවි යාම අපහසු වන විභාගයක්. පරිස්සමට වැඩ කරන්න. 90 ට ආසන්න A නවයක් ගේන්න... මම නම් බුදු සරණයි, දෙවි පිහිටයි කියන කෙනෙක් නෙවෙයි. ඔබට ඔබේ පිහිටයි...
හරිම ආඩම්බරයි පුතේ... පුදුම සතුටක්... වාසනාවන්ත අනාගතයක්... ජයම වේවා....!
ජයග්‍රහණය බෙහෙවින් අගයමි. වාසනාවන්ත අනාගතයක් ඔබ තිදෙනාටම...!
උසස් පෙළ පාස් වුණාම හොඳ රටකට යන්න...