(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.
ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව ද එම වාර්තා වේ සඳහන් වේ.
මෙම ලාභය පසුගියදා සිදුකළ මිල සංශෝධනයෙන් සහ බදුවලින් පසු බව ද වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ඔක්ටේන් 95 කොහේද තියෙන්නේ...?
පෙට්‍රල්, ඩීසල් වලින් උපරිම ලාබ ලබනවලු... භූමිතෙල්වලින් සුලු පාඩුවක් ලබනවලු.. හැබැයි කට ඇරියොත් කියන්නේ තෙල් සංස්ථාව පාඩු පිට දුවනවා කියලා. මොකක්ද මේ අපබ්‍රංස කතාව...? සංස්ථාව මංකොල්ල කන්නේ මහජනතාව නෙමෙයි....!
එක්කෝ අපිට ගණන් තේරෙන්නේ නෑ. නැතිනම් දේශපාලකයින්ට පිස්සු. එච්චරයි කියන්න තියෙන්නේ...!
ජනතාවට දරාගත නොහැකි සේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් අධික ලෙසින් වැඩි කොට ඉතා අසාධාරණව ලාභ ලැබීම පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු නොවේද?
ලාභ ලබන්න ඔක්ටේන් 95 විකුනන්න එපැයි,නමුත් 95 කොහෙවත් නැත
මිනිසුන්ව මිරිකරලා හම්බකරලා පුරාජේරු කියෙව්වාට මේවා පඩිසන් දෙනවා
මට මේක තේරෙන්නේ නෑ. නවමිල 92- 410 95-510 මේ කියන ලාභයත් සමග කොස්ට් එක බැලුවොත් 95 ගෙන්නලා තියෙන්නේ 92ටත් වඩා මිල අඩුවට
ඉතින් ඇමැතිතුමාම කියලා තියනවානේ මාස 5කින් ගෙන්නුවේ නැහැ කියලා. එතකොට ලාභය ලැබුණේ කොහෙන්ද? නැති රටෙන් නැති දෙයක් ගෙනාපු වසිලිස්සාගේ කුමාරයා මතක් වෙනවා...