විදේශගතව සිටින යුකරේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ වනවිට ලක්ෂ 6 කට වැඩි යුක්රේන සිවිල් වැසියන් පිරිසක් සරණාගතයන් ලෙස රුසියන් ප්‍රහාර හමුවේ අසල්වැසි රටවලට ගොස් තිබේ. එම වැසියන්ගෙන් ද බොහෝ පිරිමි දරුවන් සහ බිරිද තනිකර රුසියන් හමහුදා සමඟ සටන් වැදීමට ආපසු යුක්රේනයට පැමිණෙමින් සිටින බව ද පැවැසෙයි.
මේ අතර, රුසියන් හමුදාව සමඟ සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී කළ ඉල්ලීමට ප්‍රතිචාර දකිවමින් යුරෝපා රටවල කුලී හේවායන් පවා යුක්රේනයට පැමිණ ඇතැයි වාර්තාවේ.
මේ වනවිට එසේ පැමිණි විදෙස් සටන්කාමීන්ගෙන් සැදුම්ලත් ලක්ෂයක බලඇණියක් රුසියන් හමුදා සමඟ සටන් කිරීමට සූදානමින් සිටින බව යුක්රේන රජය පවසා ඇත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
80,000 ක් ආපසු යුක්රේනයට
Thushara Wednesday, 02 March 2022 03:15 PM
මෙහෙත් රට විරුවෝ සෙට් එකක්ම ආවා. කටින් පුටින්ට ඡන්දෙ දෙන්න කියලා පෝළිමේම.. අන්න ඒ අය දැන් ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි පෝලිම්වල ඉඳලා ලෝකල් පුටින්ට සෙත් පතනවා.