
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද (05) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 6623 කි.
වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 149 කි.
තවදුරටත් 5540 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 12187 ක් වන අතර, 24 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා රෝගීන් වැඩිවීම දියවන්නාවේ ඇතැමුන්ට සිත් පිනා ගිය කාරණයකි. ඔවුන්ගේ ඉරියව් සහ ප්‍රකාශ වලින් සතුට ඉහවහා ගොස් ඇති බවද පසු ගිය සභා වාරයේ දී දුටුවෙමි. ඉතින් එවන් අයට මෙසේ කොරෝනා රෝගීන් සුවවීම සතුට ගෙන දෙන කාරණයක් නොවනු ඇත.
දැක්කද ‘රාජකීය වෛද්‍යවරයා’ නොහොත් "කුණ්ඩලනී පරචක්‍රාවාටජීව " ජප කරපු මුට්ටි හතරයි ගංගාවලට එකතු කලේ 765ක්ම ගෙදර. කොරෝනා වසංගත බියෙන් මුළු ලොවම ඇළලී යන සමයක අපේ රටේ විශ්වකර්ම " ටූල්" තමයි නියම ටූල්. ජයවේවා.