IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


75 වන නිදහස් දිනයේදී රට පුරා විරු ප්‍රතිමාවන්ට උපහාර

(ඩයනා උදයංගනී)

ලබන නිදහස් දින සැමරුමට සමගාමීව දිවයිනේ පිහිටි සියලුම ජාතික වීරයන්ගේ ප්‍රතිමා වෙත ගෞරවය පුද කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පිහිටි ජාතික වීරවරුන්ගේ ප්‍රතිමා වෙත උපහාර දක්වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මහජන නියෝජිතයන් හා ප්‍රජා සංවිධාන සම්බන්ධ කර ගනිමින් මෙම කාර්යය සිදුකරන ලෙසත්, 75 වැනි නිදහස් සමරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ තොරතුරු ලේඛනයක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති අතර, ඒ යටතේ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ , බර්ගර් යන සියලු ජාතීන්වල අප්‍රකට විරුවන් පිළිබඳ හඳුනා ගැනිමට හැකිවනු ඇතැයි  අග්‍රාමාත්‍යවරයා පැවසීය.



අදහස් (9)

75 වන නිදහස් දිනයේදී රට පුරා විරු ප්‍රතිමාවන්ට උපහාර

sena Tuesday, 08 November 2022 02:46 PM

අන්තිමට බඩගින්නට උත්තර නැහැ ජාති ආලෙ ඉස්සරහට දාලා ජාමෙ බෙරගන්න හදනවා වගෙයි.

:       2       16

සුද්ධා බාරදීල ගිය රට Tuesday, 08 November 2022 03:02 PM

ඕවට වියදම් වන මුදල ළමා කුසගිනි නිවීමට ප්‍රමුඛතාව දීලා ඒ ලමයින්ගේ බඩවල් පුරවන්න! නිකම් ගණන හදලා බලන්නකෝ මල්වඩමක් හා මල් මාළයක් මේ දිනවල කීයක් වෙනවද කියලා! සුද්ධා බාරදීල ගිය රටට අවුරුදු 75 ක් ඕගොල්ලෝ මොනවද කලේ කියලා... මතු පරපුරම ණය කාරයෝ කලා අපේ මැතිඇමති සංහරේ ... එදා ඉඳලා අපේ ගරු ඇමතිවරු දෙරණ මත ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට ඇදල දැම්මා... 'වී ඇට' V8 තත්වයට පත්කල ඒ තකතීරුවෝ නිසා තමයි කෙස් පැලෙනා මේවාගේ මොළකාරයෝ මේ වයසට මේවගේ දේවල් රටට කියන්නේ! .

:       0       19

sharm warn Tuesday, 08 November 2022 03:20 PM

ආ.. එක තමයි අර රාජපක්ශගෙ පිලිමෙ ඩඩි බිඩි ගාලා හිට්වෙ. . එ මනුස්සයත් විරයෙක් කරල මගුලක් නටන්න වගෙ.. .ජනතාවනි.. ඔබ මෙ ගොන් සමරු වලට සහභාගි වෙනවඩ නැද්ද කියල තිරණය කරන්න..

:       1       15

විපරමා Tuesday, 08 November 2022 03:46 PM

රටට සේවයක් කරපු විරුවන් ගෙන් දේසපාලුවෝ ගත්තු ආදර්සයක් තියෙනවද? ගල් පිළිමවලට ලෝකෙටම පේන්ඩ උපහාර පිදුවොත් ඔක්කොම හරි.

:       0       0

fairoos Tuesday, 08 November 2022 03:50 PM

ඔව දැන් කරල ජාතිවාඩය අවුස්සන්ඩයි යන්නෙ..ණන්දසේන රටට කරපු අපරාදය ප්‍රතිපල තමයි අපි දැන් විදවන්නෙ

:       1       9

de silva Tuesday, 08 November 2022 03:52 PM

අර රට රකින්න ආපු විරුවගෙ පිලිම එහෙම හදන්න අදහසක් නැද්ද ?

:       1       8

tikka Tuesday, 08 November 2022 07:38 PM

ප්‍රතිමාවලට දෙන්න ඉස්සෙල්ලා අපිට දීලා හිටපංකෝ.

:       1       3

dasa Wednesday, 09 November 2022 05:23 AM

පිස්සු නටන්න එපා මිනිස්සුන්ට කන්න නැති මේ වෙලාවේ.

:       0       1

Sunil Wednesday, 09 November 2022 06:23 AM

රට කාබාසිනියා කරපු 134 ට මොකක්ද කරන්නේ.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site