IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


63,000ක් අය කරගන්න ලක්‍ෂ 3ක් වැයකරලා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්‍ෂ 3කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.

එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පත්කළ අතර එම කමිටුව අවස්ථා කීපයකදී රැස්වී තිබේ.

එම පරීක්‍ෂණයෙන් පසුව මණ්ඩලයෙන් ගෙවූ රුපියල් 63,000 ක මුදල අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරියගෙන් අයකරගැනීමට තීරණය කර ඇති බවත් අදාල උසස් නිලධාරිනියට හෝ එයට සම්බන්ධ වෙනත් සෙසු කිසිඳු පුද්ගලයෙක්ට දඩුවම් පනවා නොමැති බවත් එහි සේවකයෝ කියති.  

එම විමර්ශනය පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවත් එහිදී ද මණ්ඩලය විශාල මුදලක් නාස්ති කර ඇති බවත් එහි සේවකයෝ පවසති.

මෙම වියදම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කළ විමසුමකදී පැවසුවේ පරීක්‍ෂණය සඳහා කොපමණ මුදලක් වැයවූයේ ද යන්න නොදන්නා බවත් පරීක්‍ෂණ මණ්ඩලයට ගෙවීමක් කිරීම සාමාන්‍ය තත්වයක් බවත්ය.

එම ගෙවීම් පිළිබඳව සොයා ලබා දැනුවත් කළ හැකි බව සභාපතිවරයා සඳහන් කර දින කීපයක් ගතවුව ද දැනුවත් කිරීමක් නොවීය.

අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.  

‘ලංවිම ලොක්කියක - හැටතුන්දාහට ගත් සපත්තු - බෑග් බිල මණ්ඩලයෙන් ගෙවලා’ යන ශීර්ෂය යටතේ එම සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් මස 24 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ අතර ඒ හරහා අදාල සිද්ධිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා දැනුවත් වීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළේය. 



අදහස් (3)

63,000ක් අය කරගන්න ලක්‍ෂ 3ක් වැයකරලා

රංබොඩ Monday, 05 February 2024 12:21 PM

මෙවැනි වැරැදි කොච්චර නම් රජයේ ආයතනවල වෙනවා ඇතිද? ආයතනයේම වැඩකරන නිලධාරීන්ට සේවය කරන කාලය අතරතුර විශේෂ ගෙවීම් මොකටද? මේවා තමයි නීත්‍යානුකූල හොරකම්...!

:       0       30

ලුම්බිණි Monday, 05 February 2024 12:26 PM

අපේ වැඩ එහෙම තමයි.

:       0       22

රනේ Monday, 05 February 2024 05:13 PM

ලෙඩා මළත් බඩ සුද්දයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site