(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය.
රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු හා විදුහල්පති සේවාවල, ත්‍රිවිධ හමුදාවල ඇතුළු සේවා රැසක පිරිසක් විශ්‍රාම යති. මෙතරම් පිරිසක් එකවර විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි
රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සැලකිය යුතු පිරිසක් ද මෙම විශ්‍රාමිකයන් අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳ සහනයක්...ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමටත් ඉහලින්
කට්ටි පැන පැන ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් යැයි කියාගන්නා පිරිසකුත් ඉන්නවා... හැටෙන් ගෙදර නොයා. රටට යහපතක් වෙන්න ඔවුන්වත් ඉක්මනට ගෙදර යවන්න ඕනෑ...
රවී, නොදන්න දේවල් ගැන කතාකරන්න එපා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ ඉතා සුළු පිරිසක් ලංකාවේ.... ඒකෙන් සැලකිය යුතු ගාණක් විශ්‍රාම ගියාම ඔයාද බෙහෙත් දෙන්නේ ඊළඟට...?
මොකද සෑම වසරකම මෙහෙම පිරිසක් විශ්‍රාම ගන්නවා.. ඉතින් මේක විශේෂයක් නැහැ... 2022 අයවැය හදද්දී විශ්‍රාම ගත්තාම පාරිතෝෂික ගෙවීමට මුදල් නැතුව වයස 65ක් කළා.. ඉතින් යම් පිරිසක් විශ්‍රාම නොගෙන සිටීම නිසා මෙවර සුලු පිරිසක් වැඩිවෙලා ඇති. මේක කියන්න තරම් වැදගත් කමක් නැහැ. මෙයට වඩා වැඩිම පිරිසක් 44/90 චක්‍රලේඛය අනුව එකවරම විශ්‍රාම ගත්තා...
වයස 60 නොවැ 55 න් විශ්‍රාම යවන නම් තවත් හොඳයි රැකියා විරහිත බාවයක් ඇති නොවී තවත් පිරිසකට අවස්ථාව සලසා දිය හැකිය 60 දක්වා අනිවාර්ය නොකර අවශ්‍ය කෙනෙකුට 60 දක්වා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතුය.