
බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සිරකරු සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ 25 වන සිරකරු දින ජාතික උලෙළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (12) පැවැත්විණි.
සිරකරු දිනයට සමගාමීව බන්ධනාගාරගත රැදවියන් විසින් නිර්මාණය කළ චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සිරකරු සුභ සාධක සංගමය කටයුතු යොදා තිබු අතර, එම චිත්‍ර නිර්මාණ සදහා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.
මීට අමතරව බන්ධනාගාරගත රැදවියන් කිහිප දෙනෙකුගේ පවුල්වල සුභ සාධනය සදහා ආධාර සහ රැදවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd