පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අද දිනයේ ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දවයිනේ සෙසු ප්‍රදේශනල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතී.