IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


22ට වඩා 23 ඉතාමත් දුෂ්කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත.

වසර 40 කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව  ක්‍රිස්ටලීනා ජොර්ජීවා පෙන්වා දී තිබේ. කොවිඞ් නීති ලිහිල් කළද රෝගය පැතිර යාම හේතුවෙන් ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර වනු ඇති බවත් ඒ හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයද සෘණාත්මක වනු ඇති බවත් ඇය පවසා ඇත.චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපයේ ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.

ගෝලීය ආර්ථිකයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය වෙන්ව සිටීම හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇතිවීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව තිබුණත් ඇමෙරිකා ආර්ථිකය වෙන්වී සිටීම, ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසා ඇත.

යුක්රේන - රුසියා යුද්ධය දිගටම ඇදී යාම, ඉහළ උද්ධමනය සහ මහ බැංකු වල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව, චැඩ්, ඉතියෝපියා, සැමීබියා, ඝානාව, ලෙබනනය, සුරිනාමය වැනි රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමකට පැමිණ නැතත් එම රටවල ජනතාවට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා සී.බී.එස් පුවත් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

නමුත් ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් ප්‍රමාණය තවත් වැඩි වුවහොත් ගෝලීය ආර්ථිකයට අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ හේතුවෙන් මෙම රටවලට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයක් දරන බවත් ක්‍රිස්ටලීනා ජොර්ජීවා එහිදී පෙන්වා දී ඇත.



අදහස් (1)

22ට වඩා 23 ඉතාමත් දුෂ්කරයි

Perera Monday, 02 January 2023 01:19 PM

වැඩ බැරි පිනා කියනවා අමාරු කාලේ ඉවරලු...

:       11       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site