IMG-LOGO

22කට පොහොට්ටු සහායනෑ

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ හෙට  සහ අනිද්දා  විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් අද (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පැවති අතර,පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් එහිදී විසිදෙවැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති හිටපු ඇමති එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ,ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවය.

හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බව පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ,විසිදෙවැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ,කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගත යුතුව ඇති බවයි.

 



අදහස් (3)

22කට පොහොට්ටු සහායනෑ

කල්පනා Thursday, 20 October 2022 05:38 AM

එහෙනම් ඉතින් අපේ ඡන්දය නැහැ කියලා හිතාගනිල්ලා අරගලයට ජයවේවා

:       1       11

theeki Thursday, 20 October 2022 07:41 AM

මෙතන ගේමක් තියනවා. විරුද්ධයි කියල, බෙදීමක් ඇති කරලා සංවිධානාත්මකව 22 දිනවනවා පොහොට්ටුව.

:       1       5

CC Thursday, 20 October 2022 08:48 AM

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්වථා මගින් තරමක් දුරට හෝ මේ රටේ සාමාන්‍ය පොදු මහජනයාට සෙතක් වන හෙයින් රටතුල පවතින දූෂණය හා වංචාව පිටුදැකීමට යම් හෝ සහයක් ලැබෙන බැවින් එය සම්මත කිරීම යුගයේ අවශ්‍යතාවයක් වේ එයට එරෙහි වන්නන් වෙත ජනතාව නිසි පිළිතුර නුදුරු අනාගතයේදීම ලබා දෙනු ඇත.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 154 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 447 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site