IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


22 සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්

(නිමල කොඩිතුවක්කු)

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව  සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒ සදහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්තුතිය  පුද කරන බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටුකරනු පිණිස  20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කරගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වශයෙන් මෙම අවස්ථාවේදී අපි නැවතත් අවධාරණය කරන්නේ  රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවය. අද දවසේ පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව අප සලකන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙසය. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස අප සලකන්නේ ඒ අනුවය.

ජාතික ඒකාග්‍රතාවය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක්  පුරවැසියන් ලෙස අප සියල්ලන් වෙතම පැවරී තිබේ. අද දවසේ ලත් මෙම ජයග්‍රහණය ශක්තියක් බවට යොදා ගනිමින් ඒ සදහා පෙරමුණ ගන්නා ලෙස මේ රටේ සියළුම දේශපාලන බලවේගයන් වෙතින් මේ මොහොතේ  අපි ඉල්ලා සිටින්නෙමු.

ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණු ගනු ඇත.



අදහස් (0)

22 සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site