IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


22 ව්‍යවස්ථා සංශෝධනය: ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසි දෙවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා  සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ  විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු  බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6)  දැනුම් දුන්නේය.

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ නිවේදන ඉදිරිපත් කරමිනි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතරයෙන් එය සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි  කතානායකවරයා දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව  ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණක් බවද  මහින්ද යාපා අබේවර්ධන මහතා  පැවසූවේය.

කෙසේ වෙතත්, 2 වැනි වගන්තියේ යෝජිත 41 (අ)(6) සහ 41(ආ)(4) වගන්ති ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නිශේධ වන බවත්
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන  හෙයින්  අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරනු ලැබීමෙන්  පමණක්  බවත්  ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.


කෙසේ වෙතත්     පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ 44(2, 44(3), 45(1), 46(1), 47(3)(අ), 48(3) සහ 50 වැනි ව්‍යවස්ථාවන්හි සදහන්  අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට වන සඳහන ඉවත් කර  ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට සංශෝධනය කර ඇත්නම් සහ
(ආ) 3 වැනි වගන්තියේ යෝජිත 47(2) ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රතිස්ථාපනය කරන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නතර වනු  ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව
කතානායකවරයා  පැවසුවේය.

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අගෝස්තු මස 10 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පතට  අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ අගෝස්තු මස  2 වැනිදාය.



අදහස් (1)

22 ව්‍යවස්ථා සංශෝධනය: ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කළ යුතුයි

chandima Tuesday, 06 September 2022 07:10 PM

පාර්ලිමේන්තුවෙ නම් ඉන්නේ පඩියට වැඩ කරන යාවජීව මහජන නියෝජතතුමන්ලානෙ. ඒ ගොල්ලොන්ගෙ ඡන්දෙ නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ජනමත විචාරනේ වුණත් අර ලාම්පු කළගෙඩි ක්‍රමටෙ තිබ්බ නම් දිනා ගන්න තිබ්බා.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site