(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
ප්‍රජාත්‍රන්තවාදී පැවැත්ම සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ඇස් ඇර,මොළය පාවිච්චි කර මෙම අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවෙනි ආන්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.
ජනතාවගේ හැගීම් තේරුම් නොගනිමින් මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිවිපාක රටේ අසරණ ජනතාවට භුක්ති විඳීමට සිදුවන බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන එන සංශෝධන සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් පොදු මහජනතාවගේ හිතසුව පිණිස ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට යහපතක් කියල කිව්වට, මෙයා විශ්වාස කරන්න පුළුවන් මිනිහක්ද? මෙහම තමයි එදා මෙයා විසිවැනි සංශෝධනයට එළිපිට කතා කරලා, පසුව ඕකට පක්ෂව චන්දය දුන්නා. ඒ වගේම හම්බන්තොට වරාය චීනට වික්කු රනිල්ගේ ආණ්ඩුවට එකතු වෙන්න නැහැ කියපු මේ මිනිහ, එදත් රනිල්ගේ ආණ්ඩුවට එකතු වුනා සහ අදත් එකතු වෙලා ඉන්නේ. කිසිම ව්‍යවස්ථා සංශෝදනයත් රටට හෝ ජනතාවගේ යහපතට නොවේ ගේන්නේ. ඔවුන්ගේ යහපතට.