(නිමල කොඩිතුවක්කු)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතාවයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) කොළඹදී පැවැත්වේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව “අධිකරණයට අත නොතබනු” මැයෙන් පොල්දූව මංසන්ධියේ දී හෙට පෙරවරුවේ මෙම විරෝධතාවය පැවැත්වෙන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මෙම විරෝධතාවය සඳහා ආරාධනා කර ඇතැයිද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සමගි තරුණ බලවේගය, සමගි කාන්තා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මේ සදහා එක්වීමට නියමිතය.