(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛත්වයක් දී විසදුම් සොයනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ.
එම මන්ත්‍රී පිරිස මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අගමැති කාර්යාලයේදී ඊයේ පැවැති සාකච්ඡාවකදීය.
මෙහිදී අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනවලින් අම්පාරේ ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසඳෙන්නේ නම් එවැන්නක් ගෙන එන ලෙසයි.
මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නොව, පොහොර සහ බඩට ආහාර බවද සඳහන් කළේය.
මේ සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ ,පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වුුණේ ජනාධිපතිවරයා තනියම තීරණය ගත්තු නිසාලු නේද? ඉතින් වෙච්චි වැරැද්ද හදන්නේ නැතිව ප්‍රශ්නයට උත්තර හොයන්නේ කොහොමද?
පොහොර ප්‍රශ්නයට හේතුව විකෘති වූ විධායක ජනාධිපති ක්‍රමයනේ... 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරියට වඳුරට දුන්නු දැලිපිහියක්..!
අගමැතිතුමනි, හොරුත් එක්ක බෑ කියන්නේ ඒකතමයි. හොරු පන්නන්නේ නැතිව ලෝක සහාය තියා රටේ ජනතාවගේ සහායවත් ලැබෙනවා බොරු...!
මේ හැමෝම කරන්නේ කල් මරන එක විතරයි. අර්බුදයක් තියෙනවා කියලා මෙයාලගේ බඩට දැනිලා නෑ තාම. මුන් ඔක්කොම හොරු
එතකොට පොහොට්ටුවෝ කියන්නේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා ආපහු හොා කන්න කපුටට රට බාරදෙන්න කියලා. මරු මොලේ. හහහා
හොරාකන ද්විත්ව පුරවැසියා රැකගන්න මේතරම් උනන්දුව මොකද?.එයා නැතිව රට පාලනය කිරීමට දැනුම නෑ කියලද නැතිව ඒ කණ්ඩායමට හොරකම ගැන උපදෙස් ගන්නද?කොහොමත් පොහොට්ටුවට කියන්නේ අතීත මතක සටහනක් පමණක්ම නේද....
මේ හදන්නේ හරි පාරට වැටුණාම ආපහු කැලේ පනින ගොනාව කරත්තේ බැඳගන්න. හරිපාරට ගන්නේ නැතිව කැලේ අතරමං වුණාම සිංහයෝ, ව්‍යාඝ්‍රයින් වගේ සතුන්ට කන්න ඇරලා පැත්තකට වෙන්න. එතකොට ජනතා ව්‍යාඝ්‍රයොයි, සිංහයොයි ඉතිරිටික බලා ගනීවි.. නවයේ පාඩම මදි..?
රට මෙහෙම වුණේ අධිවේගී ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක නිසා. ඒක ලෝකයාම දන්නවා. ඉතින් අපිට හිඟමනක් හෝ ලැබීමට අධිබලැති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළයුතුයි. එහෙම නැතුව ප්‍රශ්නය විසඳීමට අමාරුයි කියලා බල ලෝභිත්වයෙන් සිටින උන්දැලාට තේරුම් ගන්න බැහැ...
විමලවීර ඇමැතිතුමාට 9 වෙනිදා වැදුණු එක මදි වගේ...
ඔතන ඇවිල්ලා ඉන්නේ මයිනයි, කපුටයි එක්ක රට කාපු සෙට් එකක්නේ... ව්‍යවස්ථාව ගෙනැල්ලා බැසිල්ව එළවලා, ජනාධිපතිගේ බලය බිංදුවටම බස්සනකන් මේ රට හදන්න බැහැ. විමලවීම ප්ලේන්ටියටත් කඩේ යනවනේ.. අනික පොහොර ගේන එක තහනම් කළ වෙලාවෙදිනේ එයාට කියලා කෑහහන්න තිබුණේ... රට කාපු අයව තියාගෙනයි මේ අය දඟලන්නේ මොකටද මහාපරිමාණ හොරකම්වලට..?
ජනතා බලය ගැන විමලවීර හරියට දන්නේ නැහැ..
අම්පාර පැත්තේ ඇමැති කෙනෙක්ගේ පුතෙක් බැඳලා හිටපු දුප්පත් ලේලි කෙනෙක් එකපාරටම මැරුණු කතාවක් කවුදෝ කියලා තිබ්බා... අන්න ඒවත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි. ඒ මැරුණු දරුවාට සාධාරණයක් වෙන්න...
21 ගැන වැළලෙන්න හදලා තියෙන්නේ කපුටාව බේරගන්න බෙල්ල තියෙන සෙට් එකක්... නැතිව මිනිස්සු වෙනුවෙන් කතාකරන අය නෙමෙයි. ආර්ථිකයට කෙළ වුණේ වැරැදි ව්‍යවස්ථාවෙන් කියලාවත් ඒ අයට තේරෙන්නේ නැහැ. එක්කෝ තේරුණේ නැහැ වගේ ගිරා කතා කියනවා. කපුටා වෙනුවෙන්.
ව්‍යවස්ථා සංශෝධනයෙන් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රී කන්ද 50% කින් ද පළාත් සභාවල මන්ත්‍රී ගැන සිහියට පනහකින්ද, පළාත් පාලන ආයතන මන්ත්‍රී ගැන 50% කින්ද අඩු කළ යුතුයි. ජාතික ලැයිස්තුව මන්ත්‍රී සංඛ්‍යාව පක්ෂ ලබාගත් ප්‍රතිශතය අනුව තීරණය කළයුතු අතර ඒ සඳහා උසස් අධ්‍යාපනය හා යම් ක්ෂේත්‍රයක පළපුරුද්ද නිපුණතාවක් තිබිය යුතුයි... ඡන්ද ක්‍රමය ආසන මට්ටමට ගෙන ආ යුතු ඇත්තට මනාප ක්‍රමය නැතිකළ යුතුයි. ඇමැති සංඛ්‍යාව 20කට අඩු විය යුතු අතර රාජ්‍ය ඇමැතිවරු නොමැති විය යුතුයි. නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව දහයකට අඩු කළ යුතුයි... ඔය 225 ඔව්වාට එකඟ වෙන්නේ නෑ. මොවන්ට ඕනේ තව රට කන්න...
21 ගෙන එම ජනා සහන ලබාදීමට හො පොහොර ප්‍රස්නයට විසදුමක් දීමට ගැටලුවක් වෙන්නෙ කොහොමද. තවම හොර තක්කඩියො ටික රට හරි පාරට වැටෙනවට අකුල් හෙලනව. අවුරුදු 2 කරන්න බැරි වැඩ දැන්ද කරන්න යන්නෙ. 2/3 65 ලක්ශය තියන් මොනවද රටට කරෙ. කරපු ගොන් වැඩ ඔක්කොම දැන් රිවස් වෙනව නේද. අනගත දරු පරපුර ගැන දැන්වත් හිතන්න. නීති ගරුක රටකට ප්‍රවේශය ලබාගන්න ඉඩ දෙන්න.
ඔය සීතල කැමරාවල ඉඳගෙන කපුටන් රැකලා ගමේ එන්නේ පරිස්සමෙන් ගොයියෝ...!