
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ආර්ථිකයේ වත්මන් බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ඉන්දියාව 2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි පී.ඩබ්ලිව්.සී සමාගමේ '2050 වසරේ ලෝකය නම්' වාර්තාව උපුටා දක්වමින් යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.
පී.ඩබ්ලිව්.සී එසේත් නැතිනම් ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෘත්තීය සේවා ජාලය ලෝකයේ ඉහළම ගණකාධිකාරී සමාගම් වලින් එකක් ලෙස 2017 වසරේදී ගෞරවය හිමි කර ගත්තේය. දශක තුනකට පසු ලෝක ආර්ථික කෙබඳු වන්නේද යන්න පිළිබඳ පී.ඩබ්ලිව්.සී සමාගම මෙම වාර්තාවෙන් කතා බහට ලක් කරමින් පුරෝකථනය කර ඇත.
එම වාර්තාවට අනුව 2050 වසරේ දී ලෝක ආර්ථික බලවතුන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය චීනයටත් දෙවැනි ස්ථානය ඉන්දියාවටත් තෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයටත් හිමි වනු ඇති බවට පී.ඩබ්ලිව්.සී සමාගම පුරෝකථනය කර තිබේ.එම වාර්තාවට අනුව සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය පිළිවෙලින් ඉන්දුනීසියාව සහ බ්‍රසීලය හිමිකරගෙන ඇත.
එම වාර්තාවට අනුව 2050 වසරේ දී වියට්නාම, පිලිපීන සහ නයිජීරියානු ආර්ථිකයන් කැපී පෙනෙන ලෙස වර්ධනය වනු ඇති බවත් එම රටවල් ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් වියට්නාමය 20 වෙනි ස්ථානයත් පිලිපීනය ස්ථාන 9 ක් ඉදිරියට එමින් 18 වෙනි ස්ථානයත් නයිජීරියාව ස්ථාන 8 ක් ඉදිරියට එමින් 14 වෙනි ස්ථානයත් හිමිකරගනු ඇත.
ගෝලීය ආර්ථිකය 2050 වසරේදී සියයට 130 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන බවත් ඉන් සියයට 20ක දායකත්වය චීනය ලබා දෙනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.එසේම 2050 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලීය ආර්ථිකයට ලබා දෙන දායකත්වය සියයට 12 ක් දක්වා පහත වැටෙනු ඇති බවත් ඉන්දියාව ලබා දෙන දායකත්වය සියයට 15 දක්වා ඉහළ යනු ඇති බවත් එම වාර්තාව මගින් පී.ඩබ්ලිව්.සී සමාගම පුරෝකථනය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2050දී ඉන්දියාව ඇමෙරිකාව පරදයි
සුපුන් Friday, 07 July 2023 11:54 AM
බම්බුව තමයි. 2048දී ලංකාව තමයි අංක 01 වෙන්නේ.
Indika AmarasingheFriday, 07 July 2023 04:17 PM
අපේ නාමල් බබාගේ ආණ්ඩුවකින් නේද?
ලුම්බිණි Friday, 07 July 2023 12:40 PM
ප්‍රශ්නයක් නැහැ. 2048 කොට අපි දියුණුවෙලා ඉවරයිනේ...
Prabash Friday, 07 July 2023 01:00 PM
2048 දී ලංකාව තමයි අංක 01 වෙන්නේ ණය බරින්...
Tharanga Friday, 07 July 2023 01:11 PM
පිස්සු යකෝ 2050 වෙනකොටත් අපේ ජනාධිපති රනිල් ලොක්කා .කාටවත් ලංකාව පරද්දන්න බෑ