
(අංජුල මහික වීරරත්න)
2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලියේදී පදක්කම් දිනන රටක් ලෙස අදිටන් කර ගනිමින් පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
එසේම කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩකාවන් 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී කරවා සැලකිය යුතු පරිසාදන මට්ටමක් ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනු ලබයි.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලෑනක් ඇතුව කරනවා නම් කරන්න පුළුවන් වැඩ...