IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2029 දී ශිෂ්‍යත්වය ගැන යළි තීරණයක් ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමහර විට ඒ යුගය වන විට නගරයට දරුවන් යැවීමේ මවුපියන්ගේ අවශ්‍යතාවය නැති වී යාමට පසුබිම සැකසේවි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"අප රටට ඉලක්ක සහගත ප්‍රතිපත්ති තිබුණා නම් මේ සමාජ කැළඹීම් එන්නේ නැහැ.ඉලක්කය, මූලධර්ම සහ ක්‍රියා මාර්ගය පදනම් කර ගනිමින් අප කටයුතු කරනවා.අධ්‍යාපනය සඳහා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය  ඇති කර තිබෙනවා.අප මේ වැඩ කටයුතු කාල රාමුවක් ඇතිව මෙහෙයවනවා.අපගේ පාසල් අතර භෞතික හා මානව සම්පත් අතර විෂමතාවය ඉතා පුළුල්.අපට ඉදිරියට යාමට සිදුවන්නේ මේ තත්ත්වය මත සිටයි.අදාල ක්ෂේත්‍රයන් සඳහා ගුරු පුහුණුවීම් මේ දිනවල අප අරඹා තිබෙනවා.අප හැම විටම සාකච්ඡා වලට විවෘතයි. හැම විටම සාධනීය විවේචන බාර ගන්නවා. පූර්ව ළමා විය සංවර්ධනය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ශිෂ්‍යත්ව විභාගය ක්‍රමයෙන්  විකාශනය කොට 2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නවා.සමහර විට ඒ යුගය වන විට නගරයට දරුවන් යැවීමේ මවුපියන්ගේ අවශ්‍යතාවය නැති වී යාමට පසුබිම සැකසේවි යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (1)

2029 දී ශිෂ්‍යත්වය ගැන යළි තීරණයක් ගන්නවා

Senarath Thursday, 24 July 2025 03:16 PM

හරි සලසුම් ඇතිව බලයට ආවනම්, මොකටද 2029 වෙනකම් ඉන්නේ? තවමත් හදන්නේ රටේ ජනතාව රවටන්න.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site