IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


2023 යුරේකා සම්මානය කරූ එස්සැල්ලට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන 2023 වසරේ යුරේකා ත්‍යාගය හිමිකර ගැනීමට මහාචාර්ය කරූ එස්සැල්ල මහතා සමත්ව ඇත.

සතුරන් සමඟ සටන් වදින විට ඕස්ට්‍රේලියානු හමුදාවට වාසියක් ලබා ගැනීම සඳහා උදව් වන අඩු අවධානයක් යොමු වන පරිදි සහ අවම බලශක්තියක් වැය කරමින් ඇන්ටනා හැසිරවිය හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ මැකෝරි විශ්ව විද්‍යාලයේ  මෙටාස්ටියරර්ස් කණ්ඩායම සමත් වී ඇත.මෙටාස්ටියරර්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ මහාචාර්ය කරූ එස්සැල්ල මහතා විසිනි.

මෙම අද්විතීය පද්ධතිය සහිත ඇන්ටනාවකට සතුරන්ගේ අවධානයට හසු නොවෙමින් විශාල දත්ත පරිමාවක් සම්ප්‍රේෂණය කිරීමට හෝ සැක සහිත රේඩියෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය පිරිනමනු ලබන මෙම යුරේකා ත්‍යාග එරට විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ත්‍යාගය වේ.



අදහස් (3)

2023 යුරේකා සම්මානය කරූ එස්සැල්ලට

රවී Saturday, 23 September 2023 01:54 PM

ලංකාවේ හිටියා නම් පර්යේශණ කරාවි. නමුත් සම්මානය සහ ආචාර්ය උපාධිය වෙන කාගේ හරි අභ්‍යාවකාශ ව්‍යාපෘතියක නිබන්ධනයට ලැබේවි...!

:       2       15

Mahasen Saturday, 23 September 2023 04:35 PM

මෙහෙ කළා නම් සම්මානවලට කලින් කොමිස් එක අහනවා. බෑ කිව්වොත් අල්ලලා හිරේ දානවා.

:       0       9

Nimal Saturday, 23 September 2023 06:52 PM

වෙලාවට ඕස්ට්‍රේලියාවේ හිටියේ... මෙහෙ හිටියා නම්... ඇපත් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site