
(ඩයනා උදයංගනී)
ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක පැමිණීමක් අනිවාර්ය කිරීමේ තීරණයේ ගැටලුවක් පවතින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පසුගිය කාලයේදී අරගල, උද්ඝෝෂණ, ඉන්ධන ගැටලු, කොවිඩ් වසංගතය ආදී විවිධ හේතු නිසා ඇතිවූ ප්‍රවාහන අපහසුතා ආදිය මත පාසල් පැමිණීමට අසීරු වූ සිසුන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් ඇතිකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබාදෙනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි
2023 සිට විභාගයට පෙනී සිටින සිසුන්ට සියයට 80 ක පැමිණීම අනිවාර්ය කිරීම මෙම වසරටද බලපාන බැවින් මෙම වසරේ විවිධ සාධාරණ හේතු මත පාසල් පැමිණීමට නොහැකි වූ සිසුන් අසීරුතාවට පත්වනවා නේදැයි එම මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
උසස් පෙළ සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කර තිබෙන්නේ විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා පාසල්වලට සිසුන් ගෙන්වාගැනීමට බව කී ඇමතිවරයා මෙයින් යම් පිරිසකට අසාධාරණයක් වන්නේදැයි සොයාබැලීමට අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරවන බව ද පැවසීය.
COMMENTS
ටියුෂන් මුදලාලිලාට අමාරුද/කොල්ලෝ දැන් ඉස්කෝලේ යන්නේ නැතුව ටියුෂන් යනවා
ඉස්කෝලෙ ඇවිත් ඉගෙන ගන්නෙ නැතිව විභාගෙට ලියන්නෙ කොහොමද ආචාර්ය තුමා. ඒනිසාම ළමයින්ට ඉස්කොලෙ එන්න කියන්න . එන්න පහසුකම් දෙන්න .
ඔබතුමාට හිටපු ගමන් අමතක වෙනවා නේද ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති කියලා ඔබතුමාගේ වැඩේ කරගෙන ඉන්නකෝ. ගොනාගේ වැඩේ අර මොකෙද්ද කරන්න යන්නේ නැතුව. ටියුෂන් මුදලාලිලා නම් මේවාට අකමැති ඇති.
මෙතනදී නම් ඇමතිතුමාගේ ප්‍රකාශයට එකඟ වෙන්න වෙනව. ඔය 80% කියන්නේ හෙන විකාර අදහසක්. මේ වගේ වෙලාවක නම් ඕක බැලුවොත් විශාල ලමයි පිරිසකට විභාගය ලියන්න වෙන්නෙ නෑ.
තමුනුත් කාලයක් ටියුෂන් කඩ දාගෙන හිටියා. හරියට පාසැල් වල උගන්වනවානම් ,අමතර පන්ති යන්ඩ අවස්ය නැහැ. අද අමතර පන්ති නොගිහින් උසස් පෙළ ගොඩදාගන්ඩ බැරි බව දන්නෝ හොන්දාකාරවම දනිති .