(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2020 විභාගයේ ප්‍රතිඵල මත ඒ ඒ උපාධි පාඨමාලා සාඳහා සිසුන් බඳවා ගන්නා ඉසෙඩ් ලකුණු ලබන මාසයේදී නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලවල සිසුන් බදවා ගැනීම කඩිනම් කරන බවද සම්පත් අමරතුංග මහතා කීය.
COMMENTS
බයිලා නවත්තලා පාසල් විවෘත කරන්න.
දැනට බහුතරයක් විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යාම ඉතා හොඳයි. එහෙත් ඉගෙනුම් හා ඇගයීම් ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත රසායන, භෞතික, ජීව, අනෙකුත් විද්‍යා හා විද්‍යා නොවන විෂයයන් ඇත. මෙම පරීක්ෂණ වසර 2ක් පමණ මගහැරී ඇත. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට විභාග පවත්වා උපාධිය නියමිත කළට සම්පූර්ණ කිරීමට උත්සාහ කරති. මෙතෙක් කල් ශ්‍රී ලාංකික උපාධියකට තිබූ ගුණාත්මක බව මෙවන් කරුණු නිසා සැලකිය යුතු කඩාවැටීමකට ලක්වනවා නොඅනුමානයි. වසංගතය හමුවේ වුවද බුද්ධිමත් තීරණ ගෙන අධ්‍යාපන හා ඇගයීම් ක්‍රියාවලියේ ගුණාත්මක බව නොනැසෙන තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමු.